IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලෝකය ජය ගත් අපේ ශූරිය

(ටී.කේ.ජී.කපිල)

සිංගප්පූරුවේදී පැවති ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් සහ සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකරගත් හෂිනි හේවගේ ක්‍රීඩිකාව අද (2) අලුයම මෙරටට පැමිණියාය.

මොරටුව ප්‍රදේශයේ පදිංචි හෂිනි හේවගේ මහත්මිය ඩුබායි හි ගණකාධිකාරීවරියක් ලෙස සේවය කරන්නීය .

සිංගප්පූරුවේදී පැවති වාර්ෂිකව පවත්වනු ලබන මෙම කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ උස සෙන්ටිමීටර 163 පංතියේ “ස්පෝට්ස් මොඩල් ” අංශයෙන් තරඟ කළ ඇය එම ඉසව්වේ රන් පදක්කම මෙන්ම සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ද දිනා ගත්තාය.

ඇය මෙම ජයග්‍රහණ රැගෙන ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත අද (2) අලුයම 4.55 ට පැමිණියාය.

ඇය පිළිගැනීම සදහා ඇයගේ පියා, මව සහෝදර සහෝදරියන් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.



අදහස් (5)

ලෝකය ජය ගත් අපේ ශූරිය

fairoos Thursday, 02 March 2023 05:18 PM

සුබපැතුම්...! දැන් ලංකාවේ තියෙන තත්වයට පිටරට ඉඳලා තමයි මේ වගේ ජයග්‍රහණ කරන්න පුළුවන්... අපේ කාලකණ්ණි දේශපාලකයින් රට කෑවා...!

:       6       19

BamunuarachchiFriday, 03 March 2023 11:20 AM

මෙයා හැම දේකටම දේශපාලනය ඇඳා ගන්නවා. මෙයාගේ බිරිඳට ළමයි හම්බ වුණාමත් පළාතේ දේශපාලකයින්ට බනින්න ඇති. මම ඔය පැත්තේ ගිය බව මෑන් දන්නේ නැහැ.

:       1       0

SUNIL MILANO Thursday, 02 March 2023 07:56 PM

තවත් මෙවන් ජයග්‍රහණවලින් අපේ මව්බිම සරසන්නට මේ දියණියට තවතවත් වාසනාව ධෛර්යය ලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරමි... බුදුසරණයි..!

:       0       4

ලංකාපුත්‍ර Friday, 03 March 2023 06:07 AM

ඉතාමත් සතුටුයි ඒ වගේම දුකයි. මොකද ක්‍රිකට් වගේ එකක් දිනලා ආවනම් මැති ඇමතිලා සමහරක් විට ඉන් ඉහළ අයත් ඔතනට එන්න තිබුනා. ඒත් මෙම ජයග්‍රහණය වෙනුවෙන් සතුට බෙදාගන්න ගියේ පවුලේ අය පමණයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ උත්තමයො හිතනවා ඇත්තෙ ක්‍රීඩාව කියන්නෙ ක්‍රිකට් විතරයි කියලා. හිතෙනවා ලෝකයේම සුවද විහිදුනත් ලංකාවෙ කැලේට පිපෙන මෙහෙම මල් කොතරම් ඇද්ද

:       0       3

wije Friday, 03 March 2023 11:05 AM

සුබපැතුම්... ඔහොම යමු... !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site