IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලෝකයෙ ඉහළට ගිය අපේ විද්‍යාඥයෝ

(විමුක්ති එස් රුද්‍රිගු)

ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් සම්බන්ධයෙන් රිසර්ච්.කොම් වෙබ් අඩවිය ශ්‍රේණිගත කිරීමක් සිදුකර ඇති අතර එම ශ්‍රේණිගත කිරීමේ 11 වන ස්ථානය සහ 15 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ මහාචාර්යවරු දෙදෙනකු සමත්ව ඇත.

චීනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතර 11 වැනි ස්ථානය හිමිකර ගැනීමට එරට හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා සමත් වී ඇති අතර එම විශ්ව විද්‍යාලයේම මහාචාර්ය මලික් පීරිස් මහතා චීනය තුළ 15 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

රිසර්ච්.කොම් වෙබ් අඩවිය සිදුකල ශ්‍රේණිගත කිරීමට එම විද්‍යාඥයන් චීනය තුළ හිමිකරගෙන සිටින ස්ථානය සහ ලෝකයේ හිමිකරගෙන සිටින ස්ථානය ඇතුළත් කර ඇත.

ඒ අනුව මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා චීනය තුළ 11 වැනි ස්ථානය හිමිකර ගනිද්දී ලෝකයේ සිටින ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතරින් 494 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.එසේම මහාචාර්ය මලික් පීරිස් මහතා චීනය තුළ 15 වැනි ස්ථානය හිමිකර ගනිද්දී ලෝකයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතර 883 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා සහ මහාචාර්ය මලික් පීරිස් මහතා ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් 43737 ක් අතරින් මෙම ස්ථාන දිනා සිටීම විශේෂත්වයකි.

 



අදහස් (0)

ලෝකයෙ ඉහළට ගිය අපේ විද්‍යාඥයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site