IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලක්දිව පළමු ජනාවාසයේ වතගොත සෙවීම අරඹයි

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ පළමු ජනාවාසය ලෙස ලිඛිත සාක්ෂි මගින් කියවෙන මල් වතු ඔය ආශ්‍රිත ප්‍රදේශය, මහා විහාර පරිශ්‍රය හා සීතාවක රාජධානිය ඇතුළත් ප්‍රදේශවල පුරා විද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන, සංස්කෘතික හා ආගමික කටයුතු ඇමති විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුවය. 

මෙම ප්‍රදේශ ආශ්‍රිතව යළි ගවේෂණය කොට පුරා විද්‍යා නටබුන් සහ සංරක්ෂණය කළයුතු ස්ථාන හඳුනා ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මේ කටයුතු ආරම්භ කරනු ඇත. 

කෝට්ටේ රාජධාරිනියේ නටඹුන් යළි ගවේෂණය කරන ලෙස ඉල්ලා ඇතත් එය කළ නොහැකිව ඇත්තේ එම භූමිය මේ වන විටත් දැඩි ජනාවාසකරණයකට ලක්වීම නිසාවෙන් බව වාර්තාවේ.

මෙයට අමතරව තිරියාය විහාරස්ථානය අසල තිබූ වරාය ගැනත් ඒ අවට ඇති ජනාවාස මෙන්ම තිරියායේ සිට හොරොව්පතාන දක්වා පැවැති ජල හා භූමි මාර්ගය ගැනත් සවිස්තරාත්මක ගවේෂණයක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.



අදහස් (6)

ලක්දිව පළමු ජනාවාසයේ වතගොත සෙවීම අරඹයි

Bamunuarachchi Saturday, 17 June 2023 02:17 AM

පන්සල් භූමි අරක්ගෙන සිටින අය එම ඉඩම් වලින් පන්නා දමන්න.

:       3       2

සිරා Saturday, 17 June 2023 05:04 AM

අයියෝ ඇඬෙනවා..., අපේ ජනපතිගේ ඉතිහාස දෑනුම... හැබැයි ඉතින්, අපරාදේ කියන්න බැහැ.. එංගලන්තේ සම්ප්‍රදාය නම් කටපාඩම්... නියමයි.

:       2       2

nimesh Saturday, 17 June 2023 07:16 AM

පින්පතිට වෙන වැඩ නැත්ද? ලංකාව බංකොළොත් වුනේ කවද්ද? කොහොමද කියලා හෙව්වොත් නරකද ඉස්සෙල්ලා?

:       3       3

චන්දන Saturday, 17 June 2023 08:54 AM

ඉතිහාසය මහාචාර්යතුමා ඉතිහාසය අළුතින් ලියන්න වගේ සූදානම... ටීඑන්ඒ කොන්ත්‍රාත්තුව හොඳටම වැඩ කරනවා...

:       2       7

සල්ලි Saturday, 17 June 2023 12:46 PM

අම්මේ, යාන්තන් ඇති ලොකු ප්‍රශ්නයක් විසඳුවා...

:       0       5

chandima Saturday, 17 June 2023 11:41 PM

ඔව්වා හොයන්න ගිහින් පැටිකිරිය එළිවෙලා තනතුරුත් නැතිව යයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site