IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකාණ්ඩුව සිංගප්පූරුවට නඩු පවරයි

(අංජුල මහික වීරරත්න)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානියට එම නෞකාව හිමි සමාගම තවමත් වන්දි නොගෙවීමට එරෙහිව සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇත.

ගණනය කළ නොහැකි හානියක් මෙයින් සිදුව ඇතත් යම් සීමාවකින් අදාළ වන්දි මුදල තීන්දු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා වෙත ඉකුත් දා උපදෙස් දී තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඉකුත් සතියේ නීතිපති සංජය රාජරත්නම් මහතා මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති අතර වන්දි අය කර ගැනීමට අදාළව වාර්තාවක් යොමු කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඉහත උපදෙස් අධිකරණ අමාත්‍යවරයා වෙත මෙම උපදෙස් ලබාදී ඇත.

සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී අධිකරණ ඇමතිවරයා වෙත උපදෙස් දුන්නේය. ඒ අනුව හැකි ඉක්මනින් කැබිනට් පත්‍රිකාව යොමු කොට නඩු පැවැරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා දුන් උපදෙස්වල සඳහන්ය.

 



අදහස් (5)

ලංකාණ්ඩුව සිංගප්පූරුවට නඩු පවරයි

Hirun Saturday, 05 November 2022 09:27 AM

හොඳයි..!

:       1       3

samSaturday, 05 November 2022 12:34 PM

හොඳයි නේන්නං. අපේ කට්ටියට ඒ පැත්තේ රවුමක් දාලා එන්න පුළුවන්නේ...

:       2       2

Rata Perata Saturday, 05 November 2022 01:31 PM

ඇයි අර අලි සබ්‍රි ඒ දවස්වල කිව්වා නේද ඒවා ඔක්කොම හම්බවුණා කියලා. මේ අය නම් පුදුම මිනිස්සු..

:       0       6

චන්දිම ෆොන්සේකා Saturday, 05 November 2022 03:13 PM

ඔන්න මම කිව්වා කියාලා හිතා ගන්න. ලියලා තියා ගන්න. ඕනෑම ඔට්ටුවක් අල්ලන්නම්. ඔය නඩුව දාන්නේ හද්දා ගොන්ම ගොන් මෝඩ තකතීරු විදියට. ඊට පස්සේ අන්තිමට ලොක්කෝ ටිකක් රට සවාරි ගිහින් ජනතාවගේ සල්ලි වියදම් කරලා පැරදිලා වගේ වගක් නැතුව ඉන්නවා. ඔය තමයි අපේ අයගේ කෙරුවාවේ ඉතිහාසය.

:       0       4

සක්‍රයාSaturday, 05 November 2022 05:19 PM

හරියටම හරි... අන්තිමේදී නඩුවට ලෝයර්ලාට ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා ඒ බරත් අපේ පිටටම දායි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 158 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site