IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලාංකිකයන් හත් දෙනා මුදවා ගැනීම: යුක්රේනය තවමත් නිල ප්‍රකාශයක් කර නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේනයේ කාර් කිව් ප්‍රදේශයේදී රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු මුදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද  (20) සවස් වනතුරුත් යුක්රේන රජය නිල ප්‍රකාශයක් ලබා දී නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර් ග ප්‍රකාශ කළේය.

මෙම පිරිස පිළිබඳ  ඉන්දියාවේ යුක්රේන තානාපති කාර් යාලය,තුර් කියේ ශ්‍රී ලංකා තානාපති කාර් යාලය සහ තුර් කියේ යුක්රේන තානාපති කාර් යාලය ඔස්සේ යුක්රේන රජයෙන් තොරතුරු ඉල්ලා ඇති බවත් යුද්ධය පවතින ප්‍රදේශයක් බැවින් තවමත් යුක්රේන රජයෙන් නිල ප්‍රකාශයක් ලැබී නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව හෝ යුක්රේන භාෂාව කතා කළ නොහැකි බැවින් ඔවුන් යුක්රේන විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් බවත් ඔවුන් සියලු දෙනාම ශිෂ්‍යයන්ද එසේත් නැතිනම් කොටසක් ශිෂ්‍යයින්ද යන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීම සඳහා  යුක්රේන රජයෙන් ප්‍රකාශයක් ලැබෙන තෙක් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

පෙරේදා (19) පැවති මාධ්‍ය හමුවකදී මෙම ශ්‍රී ලාංකිකයන් හත් දෙනා වෛද්‍ය සිසුන් නොවන බවත් ඔවුන් නීතිවිරෝධීව යුරෝපය බලා ගමන් කිරීමට උත්සහ කළ පිරිසක් බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.මොවුන් ශ්‍රී ලාංකික දෙමළ පිරිසක් බවත් ඔහු සඳහන් කළේය. මෙම ශ්‍රී ලාංකිකයන් හත් දෙනා නීති විරෝධී මිනිස් ජාවාරම්කරුවෙකු මාර් ගයෙන් යුක්රේනයට ගොස් ඇති බවත් එහිදී කර් මාන්ත ශාලාවක රැකියාව කර ඇති බවත් බාලසූරිය මහතා පැවසුවේය.

රුසියානු හමුදා ඔවුන් රඳවා ගත් අවස්ථාවේ ඔවුන්ට වධ දී ඇති බව කීමට අපහසු බවත් බාලසූරිය මහතා පෙන්වා දුන්නේය.එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර නොමැති බවත් බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.



අදහස් (1)

ලාංකිකයන් හත් දෙනා මුදවා ගැනීම: යුක්රේනය තවමත් නිල ප්‍රකාශයක් කර නෑ

තාරක Wednesday, 21 September 2022 01:47 AM

තාරක බාලසූරියලාගේ නිවටකම තමා මේ පෙන්නුම් කරන්නේ තාරක බාලසුරිය ඔක්කොම විස්තරත් හොයාගෙන දැන් නිල ප්‍රකාශ ලැබෙනතුරු බලාගෙන ඉන්නවා රුසියානු හමුදාවේ අපරාධ සුද්ද කරන්න හදනවා සුලු වාසිවලට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site