
(සුජිත් හේවාජුලිගේ)
දේශපාලනඥයන්ට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා කිරීමට උදව් කළ සහ ආධාර අනුබල දුන් බව කියන අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරින් 18ක් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර ඇත.
විවිධ දූෂණ වංචා චෝදනා එල්ල වූ රජයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු දැනට විදේශයන්ට පලා ගොස් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම නිලධාරීන් අවශ්‍ය අවස්ථාවලදී මෙරටට ගෙන්වා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා කිරීමට ආධාර අනුබල දී ඇතැයි පැවසෙන මෙම රජයේ උසස් නිලධාරීන් එම ආක්‍රමිකතාවලින් තමන්ද යම් වාසි වරදාන ලබාගෙන ඇති බවත් කෝටි ගණනින් ඉඩම් වාහන ඇතුළු දේපළ මිලදීගෙන ඇති නිලධාරීන් කිහිපදෙනකු පිළිබඳවද තොරතුරු අනාවරණය වන බවත් විමර්ශන කණ්ඩායම් පවසති.
මෙම නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමටද විමර්ශන කණ්ඩායම් මේ දිනවල කටයුතු කරමින් සිටිති. බාල බෙහෙත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොක්කන් තව 18 කට දූෂණ චෝදනා
fairoos Sunday, 29 June 2025 11:48 AM
ඔහොම යමු... දැන් බයියන් නහයෙන් අදින්න පටන් ගනී.