IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලංවිම ඉන්ධන මිලදී ගැනීමෙන් වසරකට කෝටි 5,600 ක පාඩුවක්

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධනවලින් නිෂ්පාදනය කරන විදුලිය හෙවත් ‘තාප විදුලය’ සඳහා සිල්ලර මිලට ඉන්ධන මිලදීගැනීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 56 ක් හෙවත් රුපියල් කෝටි 5,600 ක පමණ පාඩුවක් වන බවත් තාප විදුලිය නිෂ්පාදනයට සහන මිලට ඉන්ධන ලැබෙන්නේ නම් විදුලි ගාස්තුව සියයට 11 කින් අඩු කළ හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මහජන උපයෝගිතා කොමිසම මාස හයකට රුපියල් බිලියන 28 ක් බැගින් බිලියන 56 ක පාඩුවක් ඇති බව උපදේශන වාර්තාවක් හරහා විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඇති බවත් එයට ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති බවත් එම නිලධාරියා කීය.
තාප විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල්, නැප්තා සහ දැවිතෙල් පාවිච්චි කරන බව කී එම නිලධාරියා විදුලිය නිෂ්පාදනය සඳහා ඩීසල් විශාල ප්‍රමාණයක් ජනතාව ඉන්ධන පිරවුම්හලෙන් ගන්නා මිලටම විදුලිබල මණ්ඩලය ගන්නා බව ද සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පිරිවැය ආවරණය කරගන්නා මිලකට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සපයන්නේ නම් විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන 56 ක් ඉතිරිගැනීමේ වාසිය මෙරට විදුලි පාරිභෝගිකයන්ට දීමේ අවස්ථාව ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (9)

ලංවිම ඉන්ධන මිලදී ගැනීමෙන් වසරකට කෝටි 5,600 ක පාඩුවක්

pj Thursday, 16 January 2025 02:32 AM

මෙවැනි සම්ප්‍රප්ඵලාප

:       1       6

pj Thursday, 16 January 2025 02:36 AM

මෙවැනි සම්ප්‍රප්ඵලාප දොඩවන්නන්ගෙන් දෙලොවට ම වැඩක් නැත.....

:       1       5

බකල ජයා Thursday, 16 January 2025 04:34 AM

බහුතරයක් රාජ්‍ය ආයතනවල ජනතා විරෝධී ප්‍රතිපත්ති තියෙන්නෙ. ලංවිම වගේ ආයතනවල අය වැඩකරන්නෙ තමන්ට මිසක් රටටවත් ජනතාවටවත් නෙවේ. නම ලංවිම නමුත් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඈතයි.

:       1       13

Sediris Thursday, 16 January 2025 05:44 AM

ඉතින් තක්කඩියනේ සෝලාර් පැනල් වලටයි, ඉන්වර්ටර් වලටයි තියෙන බදු අඩු කරා නම් ඔය මුදල ලංකාවෙ ඉතුරු වෙනවනෙ. එතකොට පොඩි මිනිහටත් තමන්ගේ ගෙදර සෝලාර් සිස්ටම් එකක් හයි කර ගන්න පුලුවන්නෙ. ඒක කරොත් ඇමතිටයි, මණ්ඩලේ හොරුන්ටයි ඩීසල් බලාගාර වලින් හම්බෙන කොමිස් එක නැති වෙනවනෙ.

:       1       6

සෙනෙවිරත්න Thursday, 16 January 2025 07:48 AM

ඒ උනාට ඒක බද්දක් හැටියට රජයටම ලැබෙනවනෙ..සෘජුවම ආනයනය කළොත් ඒත් බදු ගෙව්වම ප්‍රතිඵලය එකයි.

:       3       2

Sarath Thursday, 16 January 2025 11:06 AM

ඇමති බුදි ද

:       1       7

Perera Thursday, 16 January 2025 11:19 AM

විදුලිබල මණ්ඩලයට ලාභ පෙන්වීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල අඩු කළ යුත්තේ ඇයි? තෙල් සංස්ථාවට ඉන්ධන මිල අඩු කළ හැකි නම් ඔවුන් සියලු පාරිභෝගිකයන් සඳහා මිල අඩු කළ යුතුය.

:       1       5

Perera Thursday, 16 January 2025 01:12 PM

මේ ආණ්ඩුව මාස 3න් කිසිම වැඩක් කරලා නැහැ කිය කියා බැනලා ආපසු පරණ වංචාකාර දූෂිතයින්ට ඊළඟ ඡන්දයේදී ඡන්දෙ දෙන්න.

:       1       1

Kamal Koyrala Thursday, 16 January 2025 03:07 PM

මේ නවතම ලංවිම බයිලාවයි. මහජනතාවට සහනයක් දුන්නේ කවද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site