
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය නිදහසෙන් පසුව වැටෙන අඩුම ප්‍රමාණයට අනිද්දා පත්වන බවත් ශ්‍රී ලංකාව නොපෙණෙන අගාදයකට වැටෙමින් තිබෙන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවසීය.
තමන් මුදල් අමාත්‍යවරයා ලෙස 2019 නොවැම්බර් මස 18 වැනිදා බාරදෙන විට මහ බැංකුවේ විදේශ සංචිතය ලෙස ඩොලර් බිලියන 7.6 ක් තිබූ බවත් හෙට ඩොලර් බිලියනයක ණයක් ගෙවීමෙන් පසු ඒ ප්‍රමාණය ඩොලර් බිලියන 2.6 ක් දක්වා අඩු වන බවත් මංගල සමරවීර මහතා සඳහන් කළේය.
පසුගිය වසර ඇතුළතදී ජාතික ආදායම ඩොලර් බිලියන 600 කින් පමණ අඩු වූ බව කී හිටපු අමාත්‍යවරයා මහ බැංකුව ඉතිහාසයේ අච්චු ගැසූ විශාලම මුදල් ප්‍රමාණයත් පසුගිය වසරේ අච්චි බව කීය.
‘සැබෑ දේශප්‍රේමියා’ සංවිධානය කොළඹදී අද (25) පැවැතිවූ මාධ්‍ය හමුවේදී මංගල සමරවීර මහතා එසේ පැවසීය.

COMMENTS
කොරෝනාවලට ඕනෑවට වඩා වියදම් කළා. අපේ මුදල් යුද්ධය කාලයටත් වඩා කොරෝනාවලට පිදුවා. දැන් ඩෙල්ටා.. ළඟදීම දෙල් තමයි කන්න වෙන්නේ.. අපි යටගියා. පිටරටවල් ගොඩගියා.
මෙයා කොහෙන්ද දන්නේ නැහැ මේ දවස්වල කතා කරන්නේ...?
මංගල සමරවීර, චන්දික සමගත්, මහින්ද සමගත්, රනිල් සමගත් දේශපාලනයේ විවිධ තනතුරු දරන ලද දේශපාලකයෙකි. එම රජයන් සමග සිටියද ජාතිවාදය, ආගම්වාදය පිළිබඳව කතා කිරීමට පටන් ගනු ලැබුයේ දැනට වසර 2ක පමණ සිට වේ. සැබෑ දේශප්‍රේමියා නමැති බෝඩ් එල්ලගෙන ජනතාව ඉදිරියට ඔබලා ගියද, ඔවුන් ඔබලාගේ දේශපාලන කාලයේ එදා නොකළ හැකිදේ දැන් කිරීමට ඔබලාට හැකිවන්නේ කෙසේද කියා අසනු ඇත. එයටත් පිළිතුරක් රැගෙන ජනතාව ඉදිරියට යන්න 2004 සුනාමියෙන් පසුවත්, 2009 යුද්ධයෙන් පසුවත් රට ගොඩනැගීමට අපොහොසත් වූ කණ්ඩායම් නැවත නැවත පාර්ලිමේන්තු නොයැවීමට ජනතාව බලාපොරොත්තුව සිටියි. තරුණයින්ට අවස්ථාව ලබානොදී, මංගල සමරවීර මේ සූදානම් වන්නේ තරුණයින්ගේ මාර්ගයෙන් යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් සාදාගන්න දරන්නා වූ අසාර්ථක උත්සාහයකි.
පතුලටම වට්ටලා හිනාවෙවී මිල සූත්‍රයක් පෙන්නලා 7%ට තිබුණු ආර්ථික වේගය 2%ට අඩුකර රට නන්නත්තාර කරලා දැන් පණ්ඩිතයා වගේ මරු කියනවා.
අපි මේ පැත්තකට බර නොවී කියන්නේ, මෙතුමා කියනදේ සත්‍ය හෝ අසත්‍ය යන කුමක් වුවත්, ජනතාව මේ අයට බලය දුන්නු කාලයේ මොනවද කළේ? මේ කාලයේ සිදුවණු බොහෝ දේට මේ අයත් වගකිව යුතුයි. ලංකාවේ බොහෝ දේශපාලකයින්ව තඹ දොයිතුවකට මායිම් කරන්න බැහැ...
ඔව් ඔව් ඔයාල තමා හොදටම කරේ. අනේ නිකං පව් නොදී හිටහං !
කවුද අප්පා මෙයාලට මාධ්‍ය සාකච්ඡා දෙන්නේ..?
ඔය කාගේ කාගේත් කෙරුවාවල ප්‍රතිපල තමයි මේ පල දෙන්නේ
ලංකාවට රාජපක්ෂලාගෙන් ණයක් ගන්න බැරිද ගොඩ එන්න ?
අපි ඛයියෝ එකතුවෙලා මංගලට ඛනිමු. මොකද දැන් බයවෙන්න දෙයක් නෑ, අපිට මොළ 7 ක සාමාන්‍ය පෙළ සමතෙක් ඉන්නවා ආර්ථිකය බේරගන්න.
මොනව උනත් කියන්නෙ ඇත්තනම්, කියන මිනිහගෙ වංහුං මොකටද?
මංගලලා රටට කරපු දෙයක් නෑ. නමුත් වර්තමාන ආණ්ඩුව බලය ඉල්ලුවේ වැටී ඇති රට ගොඩ ගැනීම සඳහා ‘ අපි රට කරන හැටි පෙන්නන්නම්’ වැනි කතාවල් කියමින්. දැන් ඔය රටකරන හැටිද? රට අන්තයටම වැටිලා. කලින් කිව්ව විදියට කරන්න බැරි මොකද? එහෙම කළානම් මේ විදියට දැඩි ආනයන සීමාවක් පවතිද්දීත් ඩොලර් සංචිත පහත වැටෙන්නේ මොකද? කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල යයි කීවාලු...
ඉතින් ඔබට සතුටුයිද දැන්...?
මෙලෝ රහක් නැති ප්‍රතිචාර දාලානේ තියෙන්නේ ශ්‍රී ලංකා කියලා නමින් ඉන්න කෙනා.. ඇයි තමන්ගේ නමින් ප්‍රතිචාර දාන්න කොන්දක් නැද්ද?