IMG-LOGO

රූ රැජිනක් 9 වැනි මහලෙන් පැන දිවි නසාගනී

(විමුක්ති එස් රුද්‍රිගු- රොයිටර්)

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රූ රැජිනක්  සුඛෝපභෝගී  නිවාස සංකීර්ණයක ඉහළ මහළින්  පැන දිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් නමැති ඇය  මහල්  60 ක්  ඇති  එම නිවාස සංකීරණයේ 9 වැනි මහලේ ජීවත් වූ තැනැත්තියකි .ඇය  2002 වසරේ මිසිස් නෝර්ත් කැරොලයිනා සුරූපිනිය  ලෙස කිරුළු පැලඳී  අයෙකි .එමෙන්ම ඇය  වෘත්තිය නීතිඥවරියකි  .

ක්‍ර්‍රිිස්ට් ගේ  සිරුර උදෑසන 7.15 ට  පමණ නිවාස සංකීරණය අසල පිහිටි මං තීරුවක තිබියදී හමුවී ඇති අතර ඊට පෙර ඇය එම ගොඩනැගිල්ලේ 29වැනි මහලේ  සිටින අයුරු සමහරු දැක තිබේ.

ඇයගේ මරණය සම්බන්ධයෙන්  නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ  එය  දිවි නසාගැනීමක් බවය. 

ක්‍රිස්ට් සිය දේපල  මවට පවරමින් ලිපියක් ලියා තබා  දිවිනසාගෙන  ඇති අතර, එම ලිපියේ මෙසේ සියදිවි නසා ගැනීමට හේතුවක් සදහන් කර නොමැති බව  මාධ්‍ය වාර්තා සඳහන් කරයි .

”අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත,” යනුවෙන් ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සඳහන් කර ඇත්තේ මියයෑමට සුළු මොහොතකට පෙරය.



අදහස් (1)

රූ රැජිනක් 9 වැනි මහලෙන් පැන දිවි නසාගනී

Praba Monday, 31 January 2022 05:28 PM

බොහෝවිට සියදිවි නසාගැනීමට හේතු වන්නේ විෂාදය හෝ වැඩිපුර මධ්‍යසාර භාවිතයයි. ගැටලුවක් ඇතිනම් උදව් ලබාගත යුතුයි. මානසික රෝග හා ගැටළු තව දුරටත් සමාජ අපවාදයට ලක්වන කරුණක් නොවේ... ඒවා තවත් සුවකළ හැකි රෝග තත්වයන් පමණයි...

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 238 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 118 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1731 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site