( සුමතිපාල දීයගහගේ සහ  ඩී ජී සුගතපාල) 

ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ 9 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු අද (25) බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන්  මිදී පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ පලා ගොස් ඇත්තේ අක්මීමන තල්ගස්යාය පදිංචිකරුවෙකු වු 34 හැවිරිදි පුද්ගලයෙකි.

හෙරොයින් ග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් ළඟ  තබා ගැනීමේ චෝදනාවට වරදකරුවීම නිසා ගාල්ල අධිකරණයෙන් නියම කරන ලද රුපියල් 8000 ක දඩය ගෙවා ගැනීමට නොහැකිවීම හේතුවෙන්  මැයි 12 වන දින සිට මසක සිර දඬුවමක්ද හෙරොයින් මිලිග්‍රෑම් 21ක් ළඟ තබා ගැනීමේ තවත් චෝදනාවකට වරදකරුවීම නිසා අධිකරණය නියම කරන ලද රුපියල් 8000 ක දඩය ගෙවා ගැනීමට නොහැකිව මැයි මස 15 වන දින සිට තවත් මසක සිර දඬුවමක් විඳිමින් සිටින සිරකරුවෙකු බව වාර්තාවෙි.

මෙම සිර දඬුවම් දෙක සඳහා ගාල්ල බන්ධනාගාරගත කරමින් සිටින විට අසනීපවී රෝහල් ගත කළ පසු එහිදී මොහු මෙසේ පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

පලා ගිය සිරකරු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාරය සහ පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.