
(සනත් ගමගේ)
මේ වසරේ රේගුවේ ආදායම් ඉලක්කය මේ වනවිට සපුරා අවසන් වී අතිරේක ආදායම් මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා ඊයේ (20) හම්බන්තොට දී කීය.
ඒ අනුව රේගුවේ මේ වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115 ක් වන අතර නොවැම්බර් 10 දිනට එම ආදායම් ඉලක්කය සම්පූර්න කර තවත් බිලියන 70 ක් උපයා ඇති බවත්, මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 300 ක් බැර කර ඇති බවද මෙම ඉලක්කය සපුරා ගැනීමට වාහන ආනායනයේ දී රුපියල් බිලියන 700 ක් පමණ උපයා ගැනීමට හැකිවිම සිදු වූ බවද සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
රේගු වංචාවලට ඉඩ නොදිම තුලින් ඒවා සිදුකරන අය නිතියේ රැහැනට ගැනීමට හැකිවීම තුළ මෙම රේගු ආදායම ඉහල ගොස් ඇති බවද රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ බහලුම් නිෂ්කාශනය කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා රේගු පරීක්ෂන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට මුල්ගල් තැබිමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ මෙතෙක් නිෂ්කාශනය කිරීම සිදුකරනු ලැබුයේ රථ වාහන පමණක් වන අතර භාණ්ඩ රැගත් බහලුම් මෙරටට නිෂ්කාෂනය කිරීම සඳහා අවශ්‍ය රේගු පරීක්ෂාව සිදුකිරීමට මෙම රේගු පරීක්ෂන මධ්‍යස්ථානය ආරම්භ කරනු ලබේ.
හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ වාහන ප්‍රති අපනයනය , බහලුම් ප්‍රති අපනයනය කිරීම සිදුකළ ද වාහන ආනයනය කිරීම සිදුකළද බහලුම් ආනයනය හා අපනයනය කිරීම මෙතක් සිදු කර නැත.
බහාළුම් 323 එළියට පිටවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටුවක් පත්කර ඇති හෙයින් ඒ සම්බන්දයෙන් දරන මතය කවරේ දැයි යන්නට පිළිතුරු ලබාදුන් සීවලී අරුක්ගොඩ මහතා , රේගුවේ නීතිය යටතේ සියල්ල සිදුව තිබෙනවා. කිසිවක් නීතියට පිටින් සිදුව නැහැ. අවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ දරන අදහස්වලට මා පිළිතුරු ලබා දෙන්නේ නැහැ.
2025 නොවැම්බර් මස 17
116
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
960
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2568
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රේගුවේ ඉලක්කය සපුරයි