
(නිමල කොඩිතුවක්කු)
රුපියල් 370 කට මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70000 කට අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදීපැවසීය.
හෘද රෝග සැත්කම් සඳහා යොදාගන්නා මෙම ඖෂධය අධික මුදලකට මිලදී ගැනීමෙන් ඖෂධ මාෆියාවේ තරම තහවුරු වන බවත් මේ සම්බන්ධ සම්පූර්ණ ප්‍රකාෂයක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හෙට(22) පාර්ලිමේන්තුවේදී සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
වෙනත් සමාගම්වලට ලියාපදිංචි වීමට ඉඩනොදී තනි සමාගමක් ලෙස මෙම ඖෂධය ගෙන්වීමෙන් ඒකාධිකාරියක් ඇතිකර ඔවුන් ඉදිරිපත් කර ඇති මිලට රජය මගින් ඖෂධ ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
2019 සිට 2023 දක්වා මෙම ඖෂධය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 342.49 ක් වැය කර ඇති බවත් එහිදී 76000 දක්වා විවිධ මිලගණන් වලට හෘද රෝග සැත්කම් සඳහා මෙම ඖෂධය ගෙන්වා ඇති බවත් ඔහු කීවේය.
ඖෂධ ගෙන්වා ඇති මෙම සමාගමට දේශපාලන සම්බන්ධතා ඇති බවත් මේ සමාගම සමග ඥාති සබදතා ඇති කිහිපදෙනෙකුම පාර්ලිමේන්තුවේ සිටින බවත් ජයතිස්ස මහතා පැවසීය.
COMMENTS
බොරු කියන්න එපා ඇමතිතුමා. නියෝජ්‍ය ඇමති කියනවා පිළිකා රෝගීන්ට දෙන බෙහෙතක් කියල ඔබතුමා කියනව හෘද රෝගීන්ට දෙන බෙහෙතක් කියලා. එක්කෝ දෙන්නම කතා වෙලා එක බොරුවක් කියන්න.
හෙට තවත් හොඳ සන්දර්ශනයක් පෙන්වනවලු නේද? ජෙබයියෝ චූන් වෙලා නිරුවතින් ඔබ මොබ දුවනවා ඇති.
අයිසෙක් නිව්ටන්වත් මෙච්චර දේවල් හොයාගත්තේ නැහැ. මේ අය අපිට මෙච්චර කාලයක් මගහැරුනේ.
මෙච්චර කාලයක් කියපු කිසිදෙයක් හරියට ඔප්පු වෙලා නෑ. ඉස්සර නම් බලය නැතිව කියපු කතා කියමුකෝ . දැන් ජනතාව බලය දීලා තියෙන්නේ . හරියටම ඇත්ත කියලා වැරදි කරපු අය ඉන්නව නම් දඬුවම් දෙන්න. වැරදි කළා නම් කවුරු වුණත් වැරදියි.
ලොක්ක වගේමයි අනිත් වුන් ටිකත්. පච විදිනවා.
නුඹලා මේ කියන බේගල් වලට වැව්වල බැමි පුපුරලා බේරුණොත් ඇති...
අනාගැනීමේ හොදම ඩබල....
ඖෂධයේ නම කුමක්ද? එය Vyndaqel (Tafamidis) ද? මෙම ඖෂධයේ මිල එක් ටැබ්ලට් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 196.00 කි.
මෙයා කරන්න හදන්නේ පිළිකා බෙහෙතක් කියලා නියෝජ්‍ය ඇමති කරපු ප්‍රකාශය ෂේප් එකේ නිවැරදි කරන්න හදන එකයි. මෙහෙම කිසි වගකීමක් නැතුව කටට එන එන දේ කියන්නේ කොහොමද වගකිවයුතු ඇමතිවරු? ජනාධිපතිත් එකයි ඇමතිවරුත් එකයි. ඔහේ කියන්නන් වාලේ වාචාලකම් දොඩවනවා.
මෙතන මහා පරිමාණ වංචාවක් දුෂණයක් සිදු වෙලා කියල බැලු බැල්මට පෙනෙනවා , එවැනි අවස්ථාවක ඇමති කල යුත්තේ මේ කරුණු කාරණා මාධ්‍ය වලට දෙන්න කලින් රහස් පොලිසිය හෝ වංචා දුෂණ විරුධව ක්‍රියාත්මක වන අධාල ආයතන වලට සාක්ෂි සහිතව පැමිණිල්ලක් කර , වංචනිකයන්ට විරුධව විමර්ශන අරම්බහ කිරීමය , නමුත් ඇමති තුමා සහ ආණ්ඩුව හැසිරෙන්නේ තවමත් විපක්ෂේ මානසිකත්වයෙන් , හොරු අල්ලන්න ඉස්සර හොරු අල්ලන්න එනබව ප්‍රසිද්ධ කරහම හොරු සාක්ෂි විනාශ කරන බව ආණ්ඩුව මොහොතකටවත් සිතුවද ?
ජනතාව අන්ත අසරණ විදිහටම රැවටුවා. අගමැතිනි, කතානායක ඇතුලු පිරිස හොර උපාධිවලින් සැරසී ආර්ථික ඔස්තාර්ලා කියාගෙන එනකොට අපිට නම් නිකමට හිතුනා වැඩබැරි හොරු ටිකක් කියලා
Papaverine hydrochloride හෘද වගේම පිළිකා, විකිරණ ප්‍රතිකාර වලින් පසුව සුලභව භාවිතා කරනවා, සාමාන්‍ය කෙනෙක් බලයි කතා දෙකක් කියලා. වෛද්‍ය විද්‍යාව ගැන දන්න අය දන්නවා. මේකේ දෙන්නම හරි.
ඔලුව උදුම්මගෙන ජනතා අප්‍රසාදයට පත්වෙලා ඉන්න මේ ජෙප්පාගේ ජනප්‍රියත්වට පොඩි තල්ලුවක් දෙන්න මේ අප්‍රසන්න ජෙප්පාව දාලා මාධ්‍ය සංදර්ශන දාන්න හදන්නේ … පච JVP රැල
හිටපු වංක දූෂිත හොර තක්කඩි දේශපාලුවන්ගෙන් යැපෙන ,උන්ගෙන් වාසි ප්‍රයෝජන ගත් අත්මාර්තකාමී අවස්ථාවාදී මජරයො අද කර කියාගන්න කිසි දෙයක් නැතිව උන්ගේ හාම්පුතුන් කල වැරදි හොර තක්කඩි ක්‍රියාවන් සාධාරණීකරණය කරන්න නොගන්නා උත්සාහයක් නැත. මේ ආන්ඩුව අරගෙන ඉතා කෙටිකලෙකින් සියළු ගැටළු වලට විසදුම් දිය නොහැක.උන් ලැගල හිටපු අමාත්‍යාංශ වලට දැන් තමයි මේ අයට ප්‍රවේශවෙලා කලකීදෑ හරියට හොයන්න පුළුවන් එසේ සොයාගත් අපරාධ වංක දූෂික තක්කඩි වැඩ හෙලිදරව් වෙන කොට උන් හා උන්ගේ බත් බැලයන් බූමිතෙල් වැදුන ගැරඩින් බවට පත්වී ඇති.නුබලා මොන අවලාද මඩ ගැසුවත් මේ රටේ ජනතාවාදී රජය වෙනුවෙන් ඡන්දය දුන් අයගේ ප්‍රසාදය දිනා ඇත. 76 වසරක් සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කරපු රට ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගොඩනැගීම මපොලවේ සත්‍ය බව හොදින් අවබෝධ කල පිරිසක් වන බැවිනි.මේ ආණ්ඩුව මේ රට හැදුවේ නැතිනං රට ගොඩනගන්න කිසිවෙකු මේ රටේ දේශපාලනය තුළ නොමැති බව හොදින් දන්නා බැවිනි. අද දේශපාලකයන් ආදර් ශ දෙනකොට වැව්වල බැහැල කුණු සුද්ධ කරනවා කියන වංක තක්කඩි මහපොලවේ පය නොගහපු දේශපාලුවන් කරන අවංඥා සහගත ක්‍රියා පිලිකුලෙන් හෙලා දකිමු.මාලිමාව මේ රට ගොඩ නගනවා.එයයි සත්‍ය
ලංකාවේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මේ ජෙප්පො සතියෙන් සතිය හප හප ඉන්න මොකක් හරි චුයින්ගම් එකක් දෙන බව.
දුප්පත් මිනිසුන්ගේ වියදමින් ඩොලර් බිලියන ගණනින් මුදල් උපයාගත් පොහොට්ටුවේ කෙහෙළිය ඇතුලු හොරු රැලගේ නම් දැන ගැනීමෙන් සියලුම ශ්‍රී ලාංකිකයන් සතුටු වන බව විශ්වාසයි. මිනිස්සු මැරුනත් මේ හොරු තාම ජීවතුන් අතර. ශ්‍රීලනිපය, එජාපය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවර්ධනය කළ දූෂණය අවසන් කරමු.මේ අයට ආයි ජීවිත කාලයෙ බලයට එන්න බැහැ.
එක දෙයයි කරන්න තියෙන්නේ. නිසි පරීක්ෂණයක් කරලා එක්කෙනෙක්, දෙන්නෙක් ඇතුළට දැම්මා නම් ඇති ප්‍රකාශවලින් වැඩක් නෑ.
මම කිව්වනේ සමහර තැන්වල තාමත් පරණ, දූෂිතයෝ ඉන්නවා කියලා.. ඉතින් කොහොමද රට හදන්නේ? පිනට කාපුවා නැති වෙනකොට දුක තමයි. රට හැදුණොත් එකයි, නැතත් එකයි...
බාල බෙහෙත් දීලා පහුගිය කාලේ ලෙඩ්ඩු ගසාකාපු, බිල්ලට දීපු සෞඛ්‍ය ඇමතිගේ කෙරුවාවල් හා ජනාධිපති අරමුදලලෙන් ගසාකාපු දූෂිත දේශපාලුවන් ගැන නොදන්නා වහල්ලු කමෙන්ට්ස් කරලා තියෙනවා දැක්කාම තවත් මොන කතාද?
මෙම බෙහෙත හෘද රෝග, සමහර පිළිකා ප්‍රතිකාර වගේ ලෙඩ රෝග ගොඩකට ප්‍රතිකාර සඳහා ගන්නා බෙහෙතක්... හැබැයි ලිංගික දුබලතා සඳහා පාවිච්චි කරන්න තහනම් (භයානක අතුරු ප්‍රතිඵල නිසා), කොහොම හරි ලොකු ගණනක් දීලා ගත්තු බෙහෙතක් දැන් අඩුවට ලැබෙනවා. ඉතින් ඇයි මේ සිලින්ඩර් බයියෝ මෙතැන කලබල වෙලා ඉන්නේ?
පොහොට්ටු ටෙලිෆෝන් බයි පීපල්ස්ලා හොඳටම කළබල වෙලා, කමෙන්ට් දානවා. ලයික් දානවා. ඩිස්ලයික් දානවා. කෙලවරක් නැහැ. හැබැයි මහත්වරුනේ ඕක නොවෙයි රටේ මතය... ඒක දැන් දෙසැරයක්ම ඔප්පු කරලා පෙන්නුවා. ඒක මදි කියලා හිතෙනවා නම් ලබන මාර්තුවල පළාත් පාලනය ඡන්දය තිබුණොත් ඔයාට ඇඬෙන්නම ප්‍රතිඵල ලැබෙයි.
මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැත. පාර්ලිමේන්තුවේ කාලය නාස්ති නොකරන්න. නමුත් කරපු වැරැදි වලට කඩිනමින් චෝදනා ගොනුකර චුදිතයින් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න. පසුගිය ආණ්ඩු කලේ හැමදාම බොරුවට මාධ්‍ය සංදර්ශන තබා පසුව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි...!
අනිවාර්යයෙන් වංචාවක් සිදුවෙලා..., නිකන් කියව කියවා ඉන්නේ නැතුව චූදිතයින් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න..
දූෂිත දේශපාලුවෝ බෙහෙත් වලින් විතරක් නොවෙයි, හැම අතින්ම මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරපු අය. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා..., හිඟාකන තත්ත්වයකට පත් කෙරුවා. බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් කරපු සාපේ.. ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවා...!
අලවතුවලගෙන් අහන්න කීවා මේකෙ වැළලෙන්නේ නැතිව ජෙප්පෙක් නොවන ශ්‍රිලනිප අලවතුවලගෙන් අහලා දැනගන්න.
මේ යකාට හරිම කුහක දුෂ්ට මුහුනක් තියෙන්නෙ.ඒ වගේමයි දුෂ්ට කම. ජෙප්පොන්ගෙ 98% ඔය වගෙයි
හොරු එල්ලුම් ගස් යවන්න ඕනෑ