
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදි අරාබියේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිතය.
ඇමෙරිකාවේත්, රුසියාවේත් නියෝජිතයන් කණ්ඩායම් සෞදියේ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වනු ඇති අතර, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සැපැයීමට තමන් පියවර ගන්නා බව සෞදි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ඇමෙරිකා සහ රුසියන් නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට ඒ සඳහා ඇරැයුම් කර නැතැයි පැවැසෙයි.
තමන් හෝ යුක්රේන රජයේ හෝ නියෝජිතයන් සහභාගී නොකර, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට යෝජනා කරන කිසිදු යෝජනාවකට තමන් එකඟ නොවන බව යුක්රේන ජනාධිපති සෙලෙක්ස්කී තරයේ පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
COMMENTS
තමන්ම කපලා මහගෙන ඇඳගෙන, ඉල්ලා ගෙන කාපු සෙලෙන්කි දැං බලු වෙලා. රා බීපු මීයෙක් වගේ ගේම ඉල්ලලා දැං පහ වෙලා. ඔන්න බොට හොඳ පාඩමක්.
ලෝකේ බලවත් රටවල් වල ඉන්න ඒකාධිපති නායකයෝ උන්ට ඕනේ ඕනේ විදිහට අර ඉස්සර හිට්ලර් කල වගේ අසල්වැසි කුඩා රටවල් යුධ බලය යොදවා ආක්‍රමණය කරන එක හරිද ? කෙටියෙන් කියනවා නම් අපි කැමතිද ඉන්දියාව යුධ බලය යොදවල අපිව යටත් කරන එකට ?එහෙම කලහම එම රටවල රාජ්‍ය නායකයෝ නිර්භීතව තම සතුරාට විරුධව සටන් කර රට ආරක්ෂා කරන්න සටන් වදින එක වරදක්ද ? හැම රාජ්‍ය නායකයෙක්ම අර ජංගි විරුවා වගේ යට ඇදුමත් දමල පිටරටකට පලා යන්නේ නැහැ, සෙලෙන්ස්කි හරි ඔහුට ඇමරිකාව නැතිවුණත් යුරෝපේ උදවු තිබෙනවා. පුටින් කියන ඒකාධිපතියාට හෝ ට්‍රම්ප් කියන සුදුජතිවාධි සල්ලාල නකියට යුක්රෙනේ ගැන තීන්දු තීරණ ගන්න බැහැ ,
යුක්‍රේනියානු ජනාධිපතිතුමාගේ කතාව හරි කුඩා හා මධ්‍යම පරිමාණයේ රටවල්වල ස්වාධීනත්වය රැකගැනීම වෙනුවෙන් තම රටේ ජනතාවගේ නිදහස හා අභිමානය වෙනුවෙන් සටන් කිරීම වීර ක්‍රියාවක් මහා බලවතුන්ගේ වහලුන් බවට කුඩා රටවල් පත්විය යුතු නැහැ .1987 දී ඉන්දියාව අපිට පරිප්පු දීලා බලෙන් ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කරගත්තා වගේ වැඩක් තමයි මේ යෝජනා කරලා තියෙන්නේ.
හොඳ වැඩේ සෙලෙන්සිකිට! අනුන්ගේ හයිය අරන් වැඩකරන්න ගියහම ඔහොම තමයි! අපේ ජනාධිපතිතුමා වගේ බලවත් රටවල් වලට කොන්ද නමලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනෙ!