
(යොහාන් භාසුර)
පාවිච්චි කරන ලද අමතර කොටස් යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඩුබායි සිට නීති විරෝධීව මෙරට ආනයනය කළ රුපියල් කෝටි 35 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් ඇතුළු භාණ්ඩ තොගයක් භාරයට ගත් බව රේගු දෙපාර්තමේන්තුව අද (6) පස්වරුවේ පැවසීය.
රුපියල් කෝටි 4 ක් වටිනා ටොයෝටා ප්‍රියස් මෝටර් රථයක් සහ ටොයෝටා ඇලියොන් මෝටර් රථ දෙකක්, රුපියල් කෝටි 18 ක් පමණ වටිනා එක්සත් අරාබියේ සහ බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය, විදේශ මත්පැන්, ඔලිව් ඔයිල් සහ විදේශ දුම්වැටි මෙම භාණ්ඩ තොගයට ඇතුළත් බව කී රේගුව එම භාණ්ඩ තොගය අඩි 40 බහාලුමක ගඩඩාකර තිබූ බව ද සඳහන් කළේය.
මෙම භාණ්ඩ තොගය පාවිච්චි කළ වාහන අමතර කොටස් යැයි රේගුවට පවසා කොළඹ කොටුව චැතම් වීදියේ ආයතනයක ලිපිනයකට යොමු කර තිබූ බවත් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ ජංගම ගබඩාවේදී පරීක්‍ෂා කළ බවත් රේගුව පැවසීය.
මෙම භාණ්ඩ තොගය රේගුවෙන් නිදහස් කරගත්තේ නම් රජයට රුපියල් කෝටි 22 ක අධික ආදායම් අහිවීමට ඉඩ තිබූ බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇල්ලුවත් ගොඩ, ලිස්සුවත් ගොඩ...
මේවා වෙන්දේසි කළාම ගන්නෙත් එයාලම නේද?.
රට බේරාගත් රේගු විරුවන්ට අපේ ප්‍රණාමය... මහා හොරු පැනලා යද්දී අවුරුද්දකට වරක් එක කන්ටේනරයක් අල්ලා ගන්නවා... ජරාව දෙන්න නැතුව ඇති...