(යොහාන් භාසුර)
පාවිච්චි කරන ලද අමතර කොටස් යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඩුබායි සිට නීති විරෝධීව මෙරට ආනයනය කළ රුපියල් කෝටි 35 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් ඇතුළු භාණ්ඩ තොගයක් භාරයට ගත් බව රේගු දෙපාර්තමේන්තුව අද (6) පස්වරුවේ පැවසීය.
රුපියල් කෝටි 4 ක් වටිනා ටොයෝටා ප්‍රියස් මෝටර් රථයක් සහ ටොයෝටා ඇලියොන් මෝටර් රථ දෙකක්, රුපියල් කෝටි 18 ක් පමණ වටිනා එක්සත් අරාබියේ සහ බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය, විදේශ මත්පැන්, ඔලිව් ඔයිල් සහ විදේශ දුම්වැටි මෙම භාණ්ඩ තොගයට ඇතුළත් බව කී රේගුව එම භාණ්ඩ තොගය අඩි 40 බහාලුමක ගඩඩාකර තිබූ බව ද සඳහන් කළේය.
මෙම භාණ්ඩ තොගය පාවිච්චි කළ වාහන අමතර කොටස් යැයි රේගුවට පවසා කොළඹ කොටුව චැතම් වීදියේ ආයතනයක ලිපිනයකට යොමු කර තිබූ බවත් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ ජංගම ගබඩාවේදී පරීක්‍ෂා කළ බවත් රේගුව පැවසීය.
මෙම භාණ්ඩ තොගය රේගුවෙන් නිදහස් කරගත්තේ නම් රජයට රුපියල් කෝටි 22 ක අධික ආදායම් අහිවීමට ඉඩ තිබූ බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රුපියල් කෝටි 35 ක වාහන රේගු භාරයට
Mahasen Tuesday, 06 June 2023 07:03 PM
ඇල්ලුවත් ගොඩ, ලිස්සුවත් ගොඩ...
චන්දන Tuesday, 06 June 2023 08:21 PM
මේවා වෙන්දේසි කළාම ගන්නෙත් එයාලම නේද?.
Nayan Wednesday, 07 June 2023 06:23 AM
රට බේරාගත් රේගු විරුවන්ට අපේ ප්‍රණාමය... මහා හොරු පැනලා යද්දී අවුරුද්දකට වරක් එක කන්ටේනරයක් අල්ලා ගන්නවා... ජරාව දෙන්න නැතුව ඇති...