
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් අද පැවැසුහ.
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි අලිකාන් ෂෙරිෆ් (Alikhan Sherif , මුසලි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුබිහාන්(AGH Subihan) යන මහත්වරුන් ඇතුළු මුසලි ප්‍රාදේශීය සභාවෙ හිටපු මන්ත්‍රීවරුන් වන ඒ.ආර්.එම්. රස්මින්, හනීෆ් මක්බූල්, එම්.එච්. එම්. කාමිල් අෂ්-ෂේක් අබ්දුර් රහ්මාන් සහ මුසලි උලමා සභා හිටපු සභාපති එම්. තව්ෆීක් යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු රැසක් අද (09) කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී මේ බව ප්‍රකාශ කළහ.
උතුරේ මුසලි ප්‍රාදේශීය සභාවේ එක් මන්ත්‍රීවරයකු හැර සෙසු සියලු දෙනා ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා වෙත සහාය පළ කිරීමට ඉදිරිපත්ව සිටින බව මෙහිදී පෙන්වා දුන් එම නියෝජිතයන් පසුගිය ආර්ථික අර්බුදයෙන් රට මුදාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දිය යුතුය යන ස්ථාවරයේ සමස්ත ලංකා මහජන කොංග්‍රස පක්ෂය මුල සිටම සිටි බවත් පක්ෂ නායකත්වය ද එම ස්ථාවරයේ සිටි බවත් පෙන්වා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට ඉස්කෝලේ පොතේ තිබුණු හතර රියන් සහ දෙරියන් එළදෙන බෙදා ගත්තු කවි පන්තිය වගේ.... කන්න දෙන්න ඕන, වගා පාලුවට දඩ ගෙවන්න ඕන ඉස්සරහ බාගෙ ගත්ත හතර රියන්. ගොම, පෝර, කිරි ටික පස්ස කොටස ගත්තු දෙරියන්ට...!
මේකෙන්ම පේනවා මෙයාලා බෙදුනාට රටේ ජනතාව ඔය අයගේ පස්සෙ යන්නෙ නැති බව ,සාමාන්‍ය ජනතාව මේ ගෙබි ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරලා ජාතික ජනබලයට සහයෝගය දෙනවා ඒකාන්තයි.