
(යොහාන් භාසුර)
රාජ්‍ය සේවා විශ්‍රාමික සමිති ඒකාබද්ධ ජාතික සංවිධානය සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය බත්තරමුල්ල පොල්දූව හංදියේදී අද (18) විරෝධතාවක් පැවැත්වීය.
විශ්‍රාමික රාජ්‍ය නිලධාරිහූ පැය දෙකකට ආසන්න කාලයක් එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව විසිර ගියහ.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවත්වන විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය.
උපාධිධාරීන් පැය දෙකකට අධික කාලයක් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වූ අතර මාර්ග අවහිරවී ඇතැයි පවසමින් පොලිය මෙම ජල ප්‍රහාරය එල්ල කළේය.
එම ජල ප්‍රහාරයත් සමඟ විරෝධතාකරුවෝ මාර්ගයේ අනෙක් පසට වී විරෝධය ක්‍රියාත්මක කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
අපේ රටේ තරුණ ළමයිනුත් විශ්‍රාම වැටුප් ගන්නවා වගේ
මෙතන බහුතරයක් බොහොම අඩු වයසෙන් විශ්‍රාම ලබාපු අය වගෙයි!
උපාධිය තෙක් නොමිලේ ඉගැන්නුවාට කිසිම රජයක් බැඳිලා නෑ රැකියා ලබා දෙන්න. ඒක තම තමන් සොයා ගත යුතුයි .
මනූෂයා කියයි පිට රට යන්න කියලා
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියහම තිබෙන පුටු මේස ප්‍රමාණයට වැඩිය නිලධාරියෝ ,නමුත් වැඩක් කරගන්න ගියහම සති මාස ගණන් ගතවෙනවා , ඉස්සර එක නිලධාරියෙක් ලඟට යන්න ඕනේ එකේ දැන් 3-4 දෙනෙක් ලඟට යන්න වෙලා, අල්ලසක් නොදී මොකවත් කරගන්න බැහැ , පාස්පෝර්ට් , හැදුනුම්පත් , රිය බලපත් දෙපාර්තමේන්තුවල රස්තියාදුව හැමෝම දන්නවා , දැනට සිටින රජයේ නිලධාරියෝ ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වැඩිය තුන් ගුණයක් , අවංකව සිතන්න ඔබලාට උසස් අධ්‍යාපනය දක්වා උගන්වා ඇත්තේ ජනතා මුදලින් , අපි ඔබලාට රජයේ රැකියාවකුත් දීල පස්සේ විශ්‍රාම වැටුපකුත් දීල ඔබලාගේ ජීවිතාන්තය දක්වා නඩත්තු කරන්න ඕනෙද ? අද තිබෙන නොයෙකුත් බදු බර නිසා ජනතාව ජිවත්වෙන්නේ බොහොම අමාරුවෙන්
මේ මිනිස්සුන් තර්ක කරන්නේ හරියට ලංකාවට අයිති රන් ආකර හා තෙල් ආකර තියෙනවා වගේනේ . රජයේ කාර්යාලවලට ගියාම පෙනෙනවා නේ කොහොමද සේවකයින් හොර කරන්නේ කියල . මෙතන ඉන්න මහත්තුරු කියමුකෝ බලන්න කොහොමද ඒ කාලේ හොර ඔටි දැම්මේ , හාප්ශිට් එකේ ඉඳන් ගෙදර ගෙනිච්චේ කියල . ඒ වගේම උපාධි නංගිලා ඔයාල ඔහේ මොකක් හරි විෂයන් 3 ක් තෝරාගෙන උපාධි ගත්තට රජයක් රජය බැඳිලා නැහැ ඔයාලට රැකියා දෙන්න . බදු අඩු කරන්නලු , ලයිට් බිල් අඩුකරන්න ලු , රැකියා දෙන්න ලු , විශ්‍රාම වැටුප වැඩි කරන්නලු . ඔක්කොම් එකත්වෙලා හොරකම් කරලා අනුන්ට විතරක් ඇඟිල්ල දික් කරන්න එපා . ඔක්කොම් එකතුවෙලා වින්දවමු . නැත නම් අසාධාරනයි නේ.
අනුර මහත්තයා ආවම මේ අයට රස්සා මවලා හරි දෙනවා.
සමහරු කතා කරන්නේ නිකම් තරහෙන් වගේ. එහෙම නෙවි රටක අධ්‍යාපනයක් ලැබ ගත පිරිස ඵලදායි විදියට රටේ දියුණුවට යොදා ගත හැකි පරිදි ව්‍යුහාත්මක වටපිටාව හදන ඒක රජයක වගකීම. ඒක කරන්නේ කොහොමද කියල දැක්මක් තිබිය යුත්තේ රජයට. නමුත් රජය කරන මිනිස්සු ඒ ගැන එච්චර හිතන්නේ නැහැ. ඔවුන් බලන්නේ ඊළඟ වටයේත් බලයට එන්න මිසක් මේවා ගැන නොවෙයි. නිකම් චන්දෙ ගන්න විතරක් අරවා බෙදනවා මේවා බෙදනවා අරෙහෙන් මෙහෙන් ජොබ් දෙනවා බොරු කයිවාරු ගහනවා විතරයි. මේ ලියන මගේ දරුවා හෙට අනිද්දා ඉතාම තරඟකාරී රාජ්‍ය විශ්ව විදයලයකින් සිවිල් ඉංජිනේරු උපාධිය ලබනවා. නමුත් පුද්ගලික අංශයේ පවා ඒ ක්ෂේත්‍රයේ රස්සා දැන් නැහැ. එතකොට රජය වගේම අපිත් පුද්ගලිකව ඇති විශාල ධනයක් වැයකරලා අන්තිමට නිකම් ඉන්නේ කොහොමද? රජය ගත් අධුරදර් ශි බදු ප්‍රතිපත්ති නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටිලා. රජය නේද ඒවා නිවැරදි කරන්න ඕනි. ඔවුනට ගානක් වත් නැහැ.
90% කළා උපාධි කරපු අය .රැකියා තියන ක්ෂේශ්ත්‍රයක උපාධියක් නොකර ඔය ඉල්ලන්නේ විශ්‍රාම වැටුපක් ඇති රජයේ රැකියා
රැකියාවක් කරන්න පෞද්ගලික අංශයට යන්න. නිකන් ඉඳලා පිං පඩි ගන්න රාජ්‍ය අංශයට යන්න..
කදුළු ගෑස් වලට වියදම් කරවන අපේ මුදලින් ඉගෙන ගත්තු නිකමුන්ට වැඩක් නොකරන ගෙදර ඉදගෙන යන්න පුළුවන් පින් රස්සා ලැබේවා. එන්න අපි බදු ගෙවමු ගෙවලා තව රැකියා ලබාදෙමු
මුන් උපාධි ගත්තට වඩිය හොදයි මාලු විකුනුවනම්. මුන් සේර්ම 3% අය. උපාධි ගත්තා කියලා රකියා ලගට ගෙනත් දෙන්නේ නත. අපේ දරුවොත් උපාධි අරගෙන තමන්ම රකියා ඔයා ගත්තා.