IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


රාජිතගේ ගෙදර දැන්වීම් අලවයි

(කේ. බුද්ධික කුමාරසිරි)

වරෙන්තු කර සිටින හිටපු අමාත්‍ය නම්බුකාර හැළඹගේ රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න යන අය තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධිකරණයෙහි පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නිළධාරීන්  ඒ මහතාට අයත් මාලඹේ තලාහේන මුත්තෙට්ටුගොඩ පාර පිහිටි නිවසේ අද (21) දින දැන්වීම් ඇලවීමට කටයුතු කළේය.

විදේශීය සමාගමක් මගින් ඉල්ලුම් නොකළ ව්‍යාපෘති යෝජනාවකට අවධිමත්ව අනුමැතිය ලබා දීම සහ කැනීම් යාන්ත්‍රායක් අවධිමත්ව බදු පදනම මත ලබා දී ඇති බවට වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නොතීසි නිකුත් කර ඇති හෙයින් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මෙලෙස දැන්වීම ඇලවීම සහ ප්‍රසිද්ධියේ ශබ්ද වාහීනී යොදා ගනිමින් දැනුම් දීම සිදු කරනු ලැබිණි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන අගෝස්තු 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) දින නොතීසි නිකුත් කර තිබුණි.

 



අදහස් (4)

රාජිතගේ ගෙදර දැන්වීම් අලවයි

ජයනාත් Thursday, 21 August 2025 06:02 PM

කිසිම නම්බුකාර කමක් නැහැ. 88,89 කාලේ මේ බය කාටද තිබුණේ? දැඩි දඬුවම් ලැබිය යුතුයි..

:       3       23

ලූට මූස් Thursday, 21 August 2025 07:04 PM

බම්බුකාර හැලපගේ…!

:       2       9

පොඩිඑකා Thursday, 21 August 2025 07:06 PM

අපි දැක්කා වාහනවල ලවුස් පීකර් බැඳගෙන කියකිය යනවා..! හරියට පරණ බයිස්කෝප් එකක් වගේ...!

:       0       7

ලව්සික් Thursday, 21 August 2025 07:07 PM

අර කොලුවගේ පස්ස පැත්තෙත් එකක් ඇලෙව්වා නම් හරි.

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 78 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 148 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

Our Group Site