රජයේ පූර්ණ හිමිකාරීත්වය සහිත බලපත්‍රලාභී සුවිශේෂී මූල්‍ය ආයතනයක් වන රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ (SMIB) නව සභාපති ධුරය සඳහා ජෝශප් සූසයිතාසන් මහතා පත්වී ඇත.
SMIB බැංකුව මෙම නව පත්වීම සඳහා එළැඹ ඇත්තේ සිය ශාඛා ජාලය සහ ඩිජිටල් හැකියාව තවදුරටත් වැඩි දියුණු කිරීම මෙන්ම විවිධ පාරිභෝගික අවශ්‍යතා සමඟ ගැළපෙන පරිදි සකස් කළ මූල්‍ය සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් බව එම බැංකුව සඳහන් කරයි.
ජෝශප් සූසයිතාසන් මහතා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ඇඟලුම් නිෂ්පාදන සහ සංචාරක අංශයේ වසර 26කට අධික මනා පළපුරුද්දක් ඇති වෘත්තිකයෙකි. එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සෙසු සාමාජිකයකු ලෙස ඔහු Timex & Fergasam Group සහ L.M.Collectections(pvt) Ltd මෙන්ම ටැන්සානියාවේ Star Apparels (T) Limited හි සාමාන්‍යාධිකාරී ඇතුළු සැලකිය යුතු තනතුරු රැසක් හොබවා ඇත. එමෙන්ම ඔහු පිලිපීනයේ Kpmg usaaig usaid සහ PRIME EXPONENTS lNCවැනි ගෞරවනීය ආයතන සඳහා කළමනාකරණ උපදේශකයකු ලෙස ද සිය දායකත්වය සපයා තිබේ. කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳව ඔහු සතු පුළුල් ප්‍රවීණතාව සමාගම්වලට වටිනා අවබෝධයක් සහ මගපෙන්වීමක් ලබා දීම සඳහා උපකාරී වී ඇති අතර, එමඟින් ඔවුන්ගේ මූල්‍ය කාර්ය සාධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබේ. ඇඟලුම් සහ සංචාරක කර්මාන්තයෙන් ලද අත්දැකීම් සම්භාරය අනුසාරයෙන් ජෝසප් සූසයිතාසන් මහතා ලබා ඇති විශේෂඥ දැනුම SMIB ආයතනයේ ද මූල්‍ය කළමනාකරණය, ව්‍යාපාර උපදේශනය සහ උපාය මාර්ගික සැලසුම් ආදී අංශයන් කෙරෙහි නිසැකයෙන්ම වටිනා අත්වැලක් මෙන්ම එම සංවිධානයේ සාර්ථකත්වයට සහ සංවර්ධනයට අගනා වත්කමක් ද වනු ඇත.
SMIB සිය ගනුදෙනුකරුවන්ට දේපල ඇප මත නිවාස ණය, පෞද්ගලික ණය, EPF ණය සහ වාහන ණය පහසුකම් ලබා දීමේ මෙහෙවරෙහි අඛණ්ඩව නිරත වී සිටියි. දිවයින පුරා ක්‍රමෝපායිකව පිහිටා ඇති ශාඛා 25කින් සමන්විතSMIB බැංකු ජාලය මඟින්, බාධාවකින් තොරව සහ සහතික කරන ලද පාරිභෝගික කේන්ද්‍රීය බැංකු අත්දැකීමක් සමඟින් SMIBබැංකුව සිය ඩිජිටල් සක්‍රීය ස්පර්ශක ස්ථාන පුළුල් කිරීමට සූදානමින් සිටියි.
595

SMIB ආයතනයෙහි සභාපති ජෝසප් සූසයිතාසන්
2025 දෙසැම්බර් මස 04
331
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
424
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවට නව සභාපතිවරයෙක්