(සුජිත් හේවාජුලිගේ)
රාජගිරියේ අධික මාර්ග තදබදය හේතුවෙන් වසරකට රුපියල් කෝටි දහයක පමණ පාඩුවක් සිදුවන බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
කාර්යාල සේවක සේවිකාවන් දහස් සංඛ්‍යාත පිරිසකගේ වැඩ පැය අහිමිවීම සහ ඉන්ධන නාස්ති වීම යනාදී කරුණු හේතුවෙන් මෙම නාස්තිය සිදුවන බව ගණන් බලා ඇත.
රාජගිරියේ මාර්ග තදබදය උදය වරුවේ ඉතා දැඩි ලෙස පවතින අතර කාලයක් තිස්සේ පවතින මෙම තදබදයට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.
නාවල ඇතුළු ප්‍රවේශ මාර්ගවලින් උදය වරුවේ රාජගිරියට ඇතුළුවීමට උත්සාහ දරන කාර්යාල සේවක සේවිකාවන් ඇතුළු දහස් ගණනකට මෙම තදබදය හේතුවෙන් පැය ගණන් රස්තියාදු වීමට සිදුව ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා විශේෂ අවධානය යොමු කර කඩිනම් විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රාජගිරියේ තදබදයෙන් කෝටි දහයක පාඩුවක්
Bandara Monday, 22 September 2025 12:09 PM
දිනකට අහිමි වන ශ්‍රම පැය ගණන තක්සේරු කලොත් මුළු වාර්ෂික පාඩුව කෝටි 100ත් පනියි. මේකට විකල්පය තමයි හදන්න ගිය මොනෝ රේල් එක. මාටියා ගහන්න බැරි නිසා තමයි එක නොකළේ. අපි ඉතින් විඳවනවා..
ගුණරත්නMonday, 22 September 2025 02:25 PM
මේ ආණ්ඩුවේ ලොක්කොත් ඔය මොනෝ රේල් එකට විරුද්ධ වුනා.
idr tharanga Monday, 22 September 2025 01:29 PM
එකම වැඩේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම. කාර් 50 ක යන අය එක බස් එකකට දාන්න පුලුවන්. බස්වලට වෙනම මංතීරුවක් දාලා අධීක්ෂණයට පොලිසිය හමුදාව දාන්න ඕනෑ. බස් කොට කොට යන එක නවත්තන්න ඕනෑ. වෙන කිසිම ක්‍රමයක් නෑ...
himalMonday, 22 September 2025 02:27 PM
කාර් 50ක යන අය එක බස් එකකට දැම්මා කියමු, ඔය 50 දෙනා ඔතනින් හැරිලා එක එක තැන්වලට යන්නේ. බස් එකක් යන්නෙ කාලසටහනකට, එක නිශ්චිත රූට් එකක. ඒක පොදු එකක්. අර වාහනවල යන්නේ තම තමන්ගේ කාලසටහන්වලට වැඩ කරන අය. එතකොට ඒ බස් එකෙන් අර බස් එකට, අර බස් එකෙන් මේ බස් එකට මාරු වෙවී ඉන්න වුනාම මොකද කරන්නේ?
wedage Monday, 22 September 2025 01:38 PM
ඇයි පාලමක් හදලා තියෙන්නේ ඕකට තමයි.
Jayasekara Monday, 22 September 2025 02:17 PM
පහුගිය කාලේ ජපන් JAICA ආයතනයෙන් මෙට්‍රො රේල් වේ ට්‍රැක් දැන ගියා.. එවකට හිටපු ආණ්ඩු වල හිටපු අයගේ නොසැලකිල්ල, අක්‍රමිකතා හේතුවෙන්... ඔය ව්‍යාපෘතිය බංග්ලාදේශයට දුන්නා...