IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


රෆා නගරයට දිගින් දිගටම ඊශ්‍රායාල හමුදාව පහර දෙයි

ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, රෆා නුවර, හමාස් සටන්කාමීන්ට පහර දී, සටනකාමීන්ගේ ග්‍රහණයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු මුදාගත් බව ඊශ්‍රායල හමුදාව පැවැසීය.

ඊශ්‍රායල හමුදාවට අනුව, ඔවුන්ට මුදා ගැනීමට හැකිවූයේ, 60 හැවිරිදි සයිමන් මාර්මන් සහ 70 හැවිරිදි ලුවිස් හාර්ය. හමාස් සටන්කාමීන් මොවුන් දෙදෙනා පැහැරගෙන ගාසා තීරයට රැගෙන ගියේ, මීට දින 128 කට පෙර, පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය.

ඊශ්‍රායල හමුදා, මේ වනවිට, දිගින් දිගටම රෆා නුවරට පහර දෙයි. ඒ, රෆා නුවර ගාසා පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවා, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලා ඇති අවස්ථාවකය.

එසේ එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 53 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන පාලන අධිකාරිය පැවැසීය. එසේ ජීවිතක්ෂයට පත්වුණු පිරිස අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව වාර්තා වේ. රෆා නගරයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය පලස්තීන වැසියන් ගණන 100 කට වැඩිය.



අදහස් (1)

රෆා නගරයට දිගින් දිගටම ඊශ්‍රායාල හමුදාව පහර දෙයි

චන්දන Monday, 12 February 2024 03:11 PM

මේ ප්‍රහාර වලින් මැරුණු සාමාන්‍ය වැසියන් ගණන් කියනවා හැරෙන්න මෙච්චර හමාස්වරු මැරුණා කියලා ස්ථිර කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ හමාස්වරු බහුතරයක් ආරක්ෂිතයි...

:       1       32

ඔබේ අදහස් එවන්න

දියත

රැකියා දෙන බව පවසා රුසියානු යුද සේවයට යවලා
2024 මාර්තු මස 03 1436 0

කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17


ප්‍රභූ පුතා කෝටිපති තරුණියකට නෙළලා
2024 මාර්තු මස 03 1983 0

කොළඹ හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ආණ්ඩුකාර


ඉන්දියාවේ සිට මන්නාරමට පිහිනා වාර්තාවක් තබයි
2024 මාර්තු මස 03 767 0

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර


සජිත්ගෙන් කතානායකට ලිපියක්
2024 මාර්තු මස 03 511 0

පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත


කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් 6 දා වෙන්දේසියේ
2024 මාර්තු මස 03 406 0

රුපියල් කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.


බෝරා නායක ජනපති හමුවෙයි
2024 මාර්තු මස 03 611 0

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැජට් පාර ප


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 520 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 422 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site