IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රෝහල් සේවයට හමුදාව

(රංජන් කස්තුරි සහ ජේ.ඒ.එල් ජයසිංහ)

රටපුරා රෝහල් ගණනාවක කණිෂ්ඨ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන හෙයින් යුධ හමුදාව යොදවා රෝහල්වල කටයුතු සිදු කිරීමට රෝහල් කීපයකට පාලනාධිකාරිය අද (6) පියවර ගෙන තිබිණ.

කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ හම්බන්තොට මහ රෝහල ඇතුළු රෝහල් කිපයක කටයුතු යුද හමුදාවේ සෙබළු විසින් සිදුකරනු ලැබූහ.

කොළඹ ජතික රෝහල ඇතුළු එම රෝහල්වල රෝගීන් වාට්ටුවෙත රැගෙන යාම, රෝගීන්ට ආහාරපාන බෙදාදීම රෝගීන් ශල්‍යාගාර කරා රැගෙනයාම විදුලි සෝපාන ක්‍රීයාත්මක කිරීම ඇතළු සේවාවන් රැසක් යුද හමුදාව මඟින් සිදුකරනු ලැබීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (8)

රෝහල් සේවයට හමුදාව

Prase Tuesday, 06 July 2021 05:04 PM

වැඩේ හොඳයි. පඩිය වැඩිකරගන්න ජොබ් එකන එන ඔක්කොම ගෙදර යවන්න. අපි කැමැතියි පඩි නැතිව හරි වැඩ කරන්න එන්න. අපේ රට ගොඩ ගමු මේ වසංගතයෙන්..

:       39       235

සමරේWednesday, 07 July 2021 06:11 AM

සහතික ඇත්ත. මේක වෘත්තීය සමිති වැඩ පෙන්නන වෙලාවක් නෙවෙයි. රට බේරා ගත්තා කියන්නේ අන්තිමට තමන් සහ තමන්ගේ උදවියගේ ජීවිත බේරා ගැනීමයි. හැමෝගෙම වැරදි කියකියා ඉන්න රවි කුමුදේෂ්ලාට වර්ජනය සහ තමන්ගේ අයිතිවාසිකම් විතරයි පෙනෙන්නේ. ඔවුන් රටවැසියන් ගැන නියම හැඟීමක් නැහැ. මොන ආණ්ඩුවක් ආවත් තමන්ගේ අයිතිවාසිකම් විතරයි පෙනෙන්නේ. තමන්ගෙන් සමාජයට වියයුතු වගකීම් පෙනෙන්නේ නැහැ...

:       0       0

sarath Tuesday, 06 July 2021 07:07 PM

ඔය දේ දුම්රිය සේවයට කරන්න බැරිද..?

:       0       0

thissa Wednesday, 07 July 2021 07:58 AM

නියමයි ඕක තමයි කරන්න තියෙන්නේ.

:       0       0

Hiran Wednesday, 07 July 2021 08:03 AM

දැන් කට්ටිය තප්පුලයි මෙන්න මිලිටරිකරණය කරනවෝ කියලා.

:       0       0

SL Wednesday, 07 July 2021 08:29 AM

රෝහල් සේවයට විතරක් නොවෙයි ,පගා ඉල්ලන ,මිනිස්සුන්ගේ ප්‍රශ්න වවාගෙන කන ,මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීමට කිසිම උත්සහයක් නොගන්න රාජ්‍ය සේවයේ විශේෂයෙන් පළාත් පාලනයේ ,සහ ප්‍රාදේශීය පාලනයේ සිටින අය වෙනුවටත් හමුදාව දාන්න ඕනේ. රාජ්‍ය සේවකයෝ ඇති බහුතරයක් සාමාන්‍ය ජනයාට සේවය නොකර පඩි ගන්න අය.

:       0       0

සනත් ගමගේ Wednesday, 07 July 2021 01:01 PM

රටේ වසංගතයක් පැතිර යමින් පවතින අවස්ථාවක ඉහළම වැටුප් හා වරප්‍රසාද ලබන ගිලානෝත්පත්ති සේවයේ යෙදී සිටින රටේ සුළුතරයක් වූ පිරිස සිය අයිතිවාසිකම් වෙනුවෙන් මහජනතාවගේ බදු මුදලින් යැපෙමින් ඒ මහජනතාවටම රිදවීමේ මහා පාප කර්මයට දිට්ඨ ධම්මවේදිය කර්මයට අනුව දෙලොවදීම පව විඳීමට සිදුවන හෙයින් උපේක්සා සහගතව මේ අය දිහා බලා සිටිමු.

:       0       1

එන් ගමගෙ Tuesday, 13 July 2021 05:57 PM

වෙලාවේ හැටියට හොඳ වැඩක්. ලබන වේතනයටවත් වැඩක් නොකර මේ කරන දෙය හොඳ මදි. හමුදාව මේ සඳහා පුහුණු කරන එකත් හොඳ දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 477 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2224 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site