IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රෝහලේ රඟපෑමෙන් නගරයම තැති ගනී

(ගම්පහ තිලකරත්න දිසානායක)

ගම්පහ මහ රෝහල අද පෙරවරුවේ දැඩි කාර්ය බහුල ස්වභායක් ගත්තේය. ගිලන් රථවලින් තුවාල කරුවන් ලහි ලහියේ රගෙන එන අයුරු දක්නට ලැබිණි.

බෙහෙත් ගැනීමට ආ පිරිස මෙන්ම වෙනත් රාජකාරී සඳහා පැමිණ සිටි පිරිස ද තමන්ගේ කටයුතු පසෙක ලා මහා අනතුරක් යැයි කත බහ කරන්න වූහ.

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල,  වැරැල්ලවත්ත ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූවක් බවට ද කටකතාවක් පැතිර ගියේ ඒ අතරය. මාධ්‍යවාර්තා කරුවෝ ද  වහවහා එම ස්ථානට ළඟ වන්නට වූහ.

වාහන දෙකක් ගැටිලා රෝගීන් කඩිනමින්  රෝහලට රැගෙන යන අයුරුත් ක්ෂණිකව ප්‍රතිකාර ලබාදීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කරන අයුරු දෑස් නොහෙලා වට වී බලා සිටියහ.  

අවසානයේ කාටත් සිද්ධිය වැටහිනි. හදිසි අනතුරකදී පොලිසිය සහන සේවකයන් හා රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළ යුතු ආකාරය පෙරහුරුවක් මගින් දැනුම් දැනුවත් කරන බව රෝහල් කාර්ය මණ්ඩලය දැනුම් දීමෙන් පසු ඇතැමුන්ට කේන්තිත් ගියාලු.



අදහස් (6)

රෝහලේ රඟපෑමෙන් නගරයම තැති ගනී

Asanga Wednesday, 08 December 2021 02:01 PM

අනේ අනිච්චන්.., මෙහෙමත් නාටක කිව්වලු...

:       67       6

nuwanWednesday, 08 December 2021 03:03 PM

ඔබ රැකියාවක් කරනා කෙනෙක් නෙවේ වගේ .ඕනෑම පුද්ගලික හෝ කර්මාන්තශාලාවක මේ වගේ රියසල් 1 ක් කරනවා හැම අවුරුද්දේම .එය කාර්යක්ෂමතාව තියාගන්න කරන දෙයක් .ලෝකෙම පිළිගත් ක්‍රමවේදයක්

:       1       45

uddikaWednesday, 08 December 2021 03:45 PM

ඔව් ඒක හරි... අපි ගිනි නිවීම් සම්බන්ධව ගිනි නිවන හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ක කළ මේ වගේ සාර්ථක එකක්.. ගෙවල් වල ඉඳන් රට හදන අයට ඕවා තේරෙන්නේ නැහැ..

:       0       26

සුරංග Tuesday, 14 December 2021 07:19 AM

නාටක නොවෙයි මේවා අත්‍යාවශ්‍ය කටයුතු... මෙයින් කෙරෙන්නේ ක්ෂණිකව කටයුතු කිරීමට පුහුණුවක් දීමයි. මේවාට කේන්ති ගන්නේ මෝඩයින්. මේවා දැනුම් දිදී කරන්න කිව්වාට එහෙම කළොත් සාර්ථකව කරන්න බැහැ. ඇත්තටම අසංගලා, ගමේඑකාලා පාසලක් නැත්නම්, මොන්ටිසෝරියක් ළඟින්වත් ගිහින් නැද්ද?

:       0       1

ගමේ එකාලා Wednesday, 08 December 2021 05:14 PM

අපේ රටේ කෙරුවාවල් ගැනයි ,මිනිසුන්ගේ මොලේ තරම ගැනයි අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. අඩුම තරමින් මෙහෙම රන්ගපෑමක් සිදු වෙන බවවත් දැනුම් දෙන්ඩ තිබුනා?

:       3       3

sharm warn Friday, 10 December 2021 11:14 AM

ඇත්තෙන්ම ඉතාම හොඳ ක්‍රියාවක්. වසර කීපයකට කළින් රත්නපුරයේ මෙම පෙරහුරුව සිදුකළා. මමත් එයාට මාධ්‍ය වේදියෙක් ලෙස කොළඹ සිට සහභාගි වෙලා සහාය වුණා. මෙයා ඇත්තෙන්ම වරින්වර පළාතෙන් පළාත සිදුකළ යුතු මෙහෙයුමක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site