IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රෝහලේ නේවාසිකව සිටි පස් දරු පියාගේ සිරුර කුණු කාණුවක

(සුමිත් පොතුපිටිය )

කළුතර ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගනිමින් සිටී රෝගියෙකු කුණු කාණුවක වැටී මියගොස් සිටියදී අද (01)උදෑසන හමූවී ඇති බව දකුණු කළුතර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මතුගම, ඕවිටිගල , කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී වරාපිටියගේ චන්ද්‍රසේන නමැති 77 හැව්රිදි පස්දරු පියෙකු  බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා පාදයේ තුවාලයක් හේතුවෙන් ඉකුත් 30 දා රෝහලට ඇතුලත්ව 05 බී වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් , ඊයේ රාත්‍රි වැසිකිලි යන බව පවසමින් පිටව ගොස් ඇති බවත්  රෝහල් ප්‍රකාශකයෙක් කීය.

අද උදැසන රෝහල් පොලිසිය ඉදිරිපිට අප ජලය බැසයන කානුවක තිබෙනු දැක පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන් වේ.

කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකල අතර , හදිසි මරණ පරීක්ෂක එස්.ඒ.කුමසාරු මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. 

මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි සැරයන්  එස්.ඒ.ආර්.කේ. ද සිල්වා (55318) පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

රෝහලේ නේවාසිකව සිටි පස් දරු පියාගේ සිරුර කුණු කාණුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site