IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘රෝහල් තොරතුරු පද්ධතිය’ ගන්න 15 ක් ඉන්දීය සවාරියක

(යොහාන් භාසුර)

නාරාහේන්පිට පිහිටි රජයට අනුබද්ධ ප්‍රධාන රෝහලක ‘රෝහල් තොරතුරු පද්ධතිය’ (එච්.අයි.එස්.) මිලදී ගැනීම සඳහා එම රෝහලේ නිලධාරීන් 15 දෙනෙක් පමණ ඉන්දියාවට ගොස් ඇති බව එහි සේවකයෝ චෝදනා කරති.

අදාල නිලධාරීන් 15 දෙනාගේ ඉන්දීය සංචාරය සඳහා රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න මුදලක් වැය කරන බවත් එම රෝහල රජය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බලධාරීන්ගේ අවධානය මෙවැනි දෙයට යොමුවිය යුතු බවත් සේවකයෝ කියති.

අදාල කටයුත්ත සඳහා උපරිම නිලධාරීන් සිවුදෙනෙක් සහභාගි වූයේ නම් ප්‍රමාණවත් බව කියන එහි සේවකයෝ මෙවැනි පිරිසක් පරිඝණක මෘදුකාංගයක් මිලදීගැනීමට පිටත්ව යෑම මුදල් නාස්තියක් බව ද සඳහන් කරති.

පහළ මට්ටමේ සේවකයන්ගේ දීමනා රැසක් කප්පාදු කර ඇති පාලන අධිකාරිය එම මුදල් යොදාගෙන රට සවාරි යෑම අනුමත කළ නොහැකි බව කියන සේවකයන් පවසන්නේ මෙවැනි නාස්තීන් නැවැත්වීමට බලධාරීන් මැදිහත්විය යුතු බවත්ය.

මෙම සිද්ධිය පිළිබඳව කරුණු දැනගැනීමට එම රෝහල් බලධාරියෙක් දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එම රෝහලේ දුරකථන අංශය බලධාරියෙක්ට යොමු කිරීම මඟ හැරීය. 



අදහස් (7)

‘රෝහල් තොරතුරු පද්ධතිය’ ගන්න 15 ක් ඉන්දීය සවාරියක

චන්දන Thursday, 26 January 2023 06:44 PM

15 මදි... අඩුගානේ ප්ලේන් එක පිරෙන්නවත් කට්ටියක් අරගෙන යන්න ඕනෑ...

:       0       19

ලසන්ත Friday, 27 January 2023 05:40 AM

කොටසක් රජයේ කියන්නේ නාස්තිය උපරිමයෙන් තියෙනවා කියලා තමයි...

:       0       0

සෙනෙවිරත්න Thursday, 26 January 2023 11:48 PM

ඕක කරන්න හැකියාවක් ඇති සමාගම් ලංකාවේ ඕනතරම් තියෙනව, මුංට අමුතු ගායක් නැත්නම් මෙහෙම අපේ සල්ලි ඩොලර් කරල පිටරට කොම්පැනි තර කරයිද? මේක හරියන රටක් නෙවෙයි, ප්‍රයිවෙට් උනත් රාජ්‍ය උනත් මේ ජාන තියෙන හැතිකරය ඔහොමම තමයි.

:       0       0

chandima Friday, 27 January 2023 01:46 AM

එතනින් එහාට පනගන්න එ රටේදිවත් විසද ගන්න බැරි උනාද?

:       0       0

Perera Friday, 27 January 2023 04:52 AM

බලදාරියො කරුනු දැක්වීම මග හරිනව කියන්නෙ හන්ගන්න බොහො දේවල් තියෙනව කියන එකනෙ.

:       0       0

තාක්ෂණ පොරමඩුල්ල Friday, 27 January 2023 08:53 AM

ආණ්ඩුවේ IT වැඩ කරන්න තියෙන්නේ Ikta එක නේද?

:       0       0

Jagaths Friday, 27 January 2023 09:18 AM

රුපියල් වලින් ගාන කිව්වාට ඇත්තටම මේ වගේ සංචාරවලට වැය වෙන්නේ රටේ තියෙන විදේශ මුදල් සංචිත... ඩොලර් මදිවෙලා ණය ගෙවන එකත් නවත්තලා රට නන්නත්තාර වෙලා ඉන්න වෙලාවක ඒ රටේ ඉන්න රාජ්‍ය සේවකයින් ක්‍රියා කරන්නේ මේ විදිහට නම් මොන දේශපාලන පක්ෂය ආවත් මේ අර්බුධයෙන් ගොඩඑන්න වෙන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site