ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය.
පාද යාත්‍රාවට එක් වවී සිටි කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් හත් දෙනෙක් ඉන් තුවාල ලැබූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.
කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ආරම්භ වූයේ මීට මාස කීපයකට පෙර දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවෙනි.
පාද යාත්‍රාවට නායකත්වය දෙමින්, එය මෙහෙයවන්නේ කොංග්‍රස් පක්ෂ නායකයකු වන රාහුල් ගාන්ධිය.
පාද යාත්‍රාවේ අරමුණ, කොංග්‍රස් පක්ෂය ජනතාව අතරට ගෙන යමින්, එය ජනප්‍රිය කරලීමය.
බෝම්බ පිපිරීමත් පක්ෂ ක්‍රියාකාරීන් තුවාල ලැබීමත් සමඟ පාද යාත්‍රාව චද්වාල් නගරය අසලදී නවත්වා දැමීමට සිදුවිය. ඒ, රාහුල් ගාන්ධි ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමිනි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක්