IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රෝහලේ කුණු වනසන්න දුන් මැසිමේ කෑලි ගලවලා

(මුදිතා දයානන්ද)

විදේශීය හා දේශීය ණය ආධාර යටතේ සායනික අපද්‍රව්‍ය කළමණාකරනය සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට 2018 වසරේදි ලබාදුන් රුපියල් කෝටි 11.57 ක් (ඇමරිකන් ඩොලර් 701,336ක්) වටිනාකමින් යුතු මෙටා පයිසර් යන්ත‍්‍රයේ කොටස් ස්ථාපිත කළ සමාගම විසින්ම කිසිදු අවසරයකින් තොරව ගලවාගෙන ගොස් ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙම යන්ත‍්‍රය විධිමත් ලෙස රෝහලට භාරදීමක්ද සිදුකර නොතිබු බව විගණයේදි අනාවරණය වූ බව එම වාර්තාෙවේ සඳහන් වේ.

යන්ත‍්‍රය ස්ථාපිත කළ කුටියේ යතුරු තිබුණේද එය සැපයු ආයතනයේ නියෝජිතයා සතුව බවද එය ස්ථාපිත කළ දිනයේ සිටම ක‍්‍රියාකාරිත්වය දුර්වලව පැවති බවද මාසයේ වැඩි දින ගණනක් අක‍්‍රියව පැවති බවද රෝහල් කළමණාකාරිත්වය විගණනයට දැනුවත් කරමින් පවසා ඇත.

එලෙස නිතර කැඩෙන නිසාත් ක‍්‍රියාකාරිත්වය දුර්වල නිසාත් එවැනි යන්ත‍්‍රයක් අවශ්‍ය වෙනත් රෝහලක් වෙත එම යන්ත‍්‍රය ලබාදෙන ලෙස 2020 ජුනිවලදී සෞඛ්‍ය අමත්‍යාංශය වෙත දැනුම් දුන් බවද රෝහල් කළමණාකාරිත්වය විගණනයට දැනුම් දී තිබේ.

 



අදහස් (1)

රෝහලේ කුණු වනසන්න දුන් මැසිමේ කෑලි ගලවලා

sam Tuesday, 22 November 2022 07:57 AM

දෙසපාළුවන් මඩිය තරකරගන්න එක හැරෙන්න රාජ්‍ය ආයතන ගැන කිසිම වගවීමක් නැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site