IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


රුහුණු කුමාරී නමින් පරිගණක අකුරක් එයි

(අංජුල මහික වීරරත්න)

‘රුහුණු කුමාරි’ නම් නව සිංහල පරිගණක අක්ෂරය හඳුන්වාදීම මරදාන දුම්රිය ස්ථානයේදී අද සිදු කෙරිණි.

ඒ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ආරම්භ කෙරුණු අවස්ථාවේදීය.

දුම්රිය ස්ථාන වල පොදු පහසුකම් ඉහළ නැංවීම, දුම්රිය ස්ථාන සුවපහසු ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය මත දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

 



අදහස් (8)

රුහුණු කුමාරී නමින් පරිගණක අකුරක් එයි

de silva Monday, 15 September 2025 06:29 PM

දුම්රිය එන්ජින්, මැදිරි සහ මාර්ග ඉතා අබලන් තත්වයේ තිබෙන්නේ... ඒවා පිළිසකර නොකර නැවතුම් පොළ පමණක් ලස්සන කරලා වැඩක් තිබෙනවද?

:       16       12

Ram Tuesday, 16 September 2025 12:06 AM

ඔය සියළු දේම අත්‍යාවශ්‍යයි පරිගණක අකුරු සෙට් එකට වැඩිය. තියන අකුරු වලින් වැඩ කරන්න අමාරුයිද? ඒ බවක් නම් සඳහන් නෑ..

:       0       0

නිරෝෂ් ශංඛක Tuesday, 16 September 2025 01:02 PM

ගෙදරට අලුත් වාහනයක් ගේන්න කලින් ගැරේජ් එක හදල ඉන්න එපැයි .

:       0       0

පිටරැටියා Monday, 15 September 2025 06:34 PM

අපේ රටේත් හොන්ද ප්‍රවාහන සේවයක් ඇතිවෙනවා නම් කොයිතරම් හොදද? ජනතාවදී ආණ්ඩුවට ජයෙන් ජයම වේවා!

:       4       38

Deepal Nirosh Monday, 15 September 2025 09:05 PM

ඔය විවෘත කිරීමෙන් අනතුරුව පොඩ්ඩක් මරදානෙ ඉඳල වැල්ලවත්තට දුම්රිය මාර්ගය දිගේ ඇවිතගෙන ගිහින් මාර්ග පරීක්ෂාවකුත් කළා නම් තමා වැඩේ සම්පූර්ණ වෙන්නෙ.

:       0       0

Ruwan Tuesday, 16 September 2025 04:47 AM

එහෙනම් ඔය පාරවත් මාතර කෝච්චිය පරක්කු නොවී යාවි.. ඇති යාන්තම්...

:       0       0

රනේ Tuesday, 16 September 2025 06:16 AM

මෙත්මල් පිබිදේවා.. සිත් තුළ කරුණා පැතිරේවා...

:       0       0

වත්සි Tuesday, 16 September 2025 12:36 PM

ජනතාවාදී? හහ් හහ් හා. බී ළූණු, සහල්, ලුණු වැනි මුදලාලිවාදී ආණ්ඩුව⁣ට ජයවේවා කිව්වා නං ගැලපෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1918 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site