(අජන්ත කුමාර අගලකඩ)
රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත .
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළිබෝධනාශක අනතුරුදායක වර්ගීකරණයට අනුව ,තුන්වන හා හතරවන පන්තියේ පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තීරණයකට යටත්ව ආනයනය සඳහා අවසර දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යෝජනා කර ඇත .
ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) කෘෂි රසායන අංශය මගින් හෝ දේශීය නියෝජිත සමාගම් වෙතින් එම කෘෂි රසායන ආනයනය කර, සිපෙට්කෝ කෘෂි රසායන අංශය සතු ගබඩාවල ගබඩා කිරීමටත් ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා අලෙවි කිරීමටත් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමති මහින්ද ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබ ඇත .
එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරනු ලබන නිලධාරීයකුගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද ඇමතිවරයා යෝජනා කර ඇත .
වී වගාවේ දුඹුරු පැල කීඩෑ හානිය, බඩඉරිඟු වගාවෙි සේනා දළබු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සදහා පිළියමක් ලෙස රසායනික පලිබෝධ නාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට මේ යටතේ අපේක්ෂා කෙරේ.
වගාවන් සඳහා ස්වාභාවික පලිබෝධ නාශක මර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස රජය උපදෙස් දී ඇතත්, ඒ සම්බන්ධයෙන් බහුතර ගොවීන්ගේ පවතින්නේ අඩු පළපුරුද්දක් හා අඩු දැනුමක් බව ඇමතිවරයා පෙන්වා දී ඇත .
2025 අගෝස්තු මස 30
287
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
16262
7
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
599
0
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රසායනික පළිබෝධ නාශක සඳහා පැනවූ තහනම ලිහිල් කරයි
Sithija Tuesday, 31 August 2021 06:06 AM
මිස්ටර් රිවස්ගෙන් තවත් රිවස් තීරණයක්...
kamal Tuesday, 31 August 2021 08:29 AM
අයියෝ සර් මුලින්ම දෙන්නේ නැහැ කිව්වා.. ඊට පස්සේ දෙන්නෙම නැහැ කිව්වා. ඊටත් පස්සේ කොහොමටවත් දෙන්නේ නැහැ කිව්වා. ඊටත් තව පස්සේ කීයටවත් දෙන්නේ නැහැ කිව්වා.. දැන් දෙනවා කියනවා. වැඩේ ෆේල් නේද සර්..?
Gamini Tuesday, 31 August 2021 08:30 AM
එතකොට කාබනික නෙමෙයිනේ...