හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනකු රුසියානු බෙල්ගොරොඩ් පළාතේ සිදු කළ වෙඩි තැබීමකදී යුද පුහුණුව ලබමින් සිටි 11 දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම පිරිස යුක්රේනයේ සිටින රුසියානු හමුදාවන්ට එකතු වීම සඳහා ස්වේච්ඡාවෙන් හමුදාවට එක් වී යුද පුහුණුව ලබමින් සිටි පිරිසක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
යුක්රේන - රුසියානු දේශ සීමාවේ නිරිත දිග බෙල්ගොරොඩ් ප්‍රදේශයේ පුහුණු කඳවුරකදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් දෙදෙනා හමුදාව පෙරළා සිදුකළ වෙඩි තැබීමේදී මිය ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රුසියා යුද කඳවුරක වෙඩි තැබීමකින් 11 මරුට