IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ තල්මසා මැරිලා

රුසියන් ඒජන්තවරුන් විසින් ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් රටවල නාවික කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බැලීම සඳහා පුහුණු කළ බව පැවැසෙන බෙලූගා වර්ගයේ තල්මසා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

‘ව්ලැදිමීර්’ යන නමින් හැඳින්වුණු මෙම බෙලූගා තල්මසාගේ සිරුර හමුවී ඇත්තේ නෝර්වේ රාජ්‍යයේ, නිරිතදෙසින් පිහිටි ‘රිසාවිකා’ නමැති වෙරළාශිත නගරයට ඔබ්බෙන් මුහුදෙනි. 

තල්මසාගේ මරණයට හේතුව මෙතෙක් පැහැදිලි නැත. නෝර්වේ බලධාරීන්, තල්මසාගේ සිරුර, මරණ පරීක්ෂණයක් සඳහා රැගෙන ගිය බව ද පැවැසෙයි.

මෙම තල්මසා මිනිසුන්ට හීලෑ සත්වයෙකි. පසුගිය වසර ගණනාව තිස්සේ, අවස්ථා කීපයකදී, යුරා්පා රටවලට ඔබ්බෙන් මුහුදේ දී මෙම තල්මසා නාවිකයන්ට හමුවී ඇත්තේ කරපටියක් සමඟය.  ඔත්තු බැලීමට මෙම තල්මසා යොදා ගත් බවට එල්ල වන චෝදනා රුසියන් ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ හෝ තහවුරු කර නැත.

එම කරපටියේ ‘ගෝ ප්‍රෝ’ වර්ගයේ කුඩා කැමරා සවි කර තිබුණි. ඒ ඔත්තු බැලීම් සඳහාය. ‘ගෝ ප්‍රෝ’ කැමරාව, රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී නිර්මාණය කළ ඔත්තු නිරීක්ෂණ කැමරාවක් බව පැවැසෙයි.

බෙලූගා තල්මසුන්, මහ මුහුදේ දැවැන්තයන් නොවෙයි. ක්ෂීරපායින් වන මොවුන් ප්‍රමාණයෙන් ඩොල්පින් වැනිය. සාමාන්‍යයෙන් බෙලූගා තල්මසකු අවුරුදු 60 ක් පමණ ජීවත් වෙන බව ද පැවැසෙයි. ‘ව්ලැදිමීර්’ තල්මසාගේ වයස අවුරුදු 15 ක් යැයි අනුමාන කෙරේ.

ඩොල්පින් මෙන්, බෙලූගා තල්මසුන් ද හොඳින් පුහුණු කළ හැකි මුහුදේ වෙසෙන ක්ෂීරපායීන්ය. ‘ව්ලැදිමීර්’ මීට පෙර නෝර්යේ රාජ්‍යයට ඔබ්බෙන් මුහුදේ දකින්න ලැබී ඇත්තේ 2019 අප්‍රේල් මාසයේය.



අදහස් (0)

රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ තල්මසා මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 180 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site