(චමින්ද මුණසිංහ)
ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ මහතා කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත විය. ඔහු සමඟ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකු සහ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිරන්ජන් දේව ආදිත්‍ය මහතා ද එම අවස්ථාවට එක් විය.
ස්වෝත්සාහයෙන් දියුණු වූ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන මෙල්නිචෙන්කෝ, ස්විට්සර්ලන්තය පදනම් කරගත් දැවැන්ත පොහොර සමාගමක් වන EuroChem සමූහ ව්‍යාපාරයේ සහ රුසියාව පදනම් කරගත් බලශක්ති සමාගමක් වන SUEK හි මහා පරිමාණ ආයෝජන තිබේ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, එහි වත්මන් ඉදිකිරීම් කටයුතු සහ අනාගත සංවර්ධන සැලසුම් ආදිය සම්බන්ධයෙන් මෙහිදී මෙල්නිචෙන්කෝ මහතා ඇතුළු පිරිසට කරුණු විස්තර කිරීමට එම ව්‍යාපෘතියේ විකුණුම් හා ආයෝජක සම්බන්ධතා පිළිබඳ මෙරට කළමනාකරු රධික ඇල්ලේපොළ මහතාකටයුතු කළේය.
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදීමෙන් යුතුව අදහස් දැක්වූ මෙල්නිචෙන්කෝ මහතා, මේ වනවිට ඉදිකරමින් පවතින වරාය නගරයේ ක්‍රමෝපායික සැලසුම්කරණය පිළිබඳව සිය ප්‍රසාදය පළකළේ ය.
ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ ජෙනරාල් පසන් වනිගසේකර සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන රාජන් බ්‍රිටෝ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කොළඹ වරාය නගරය ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් කිහිප දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වූ අතර,ඒ අනුව ශ්‍රී ලංකාව නැවත වරක් අනාගත ආයෝජනයන් සඳහා විශ්වාසනීයස්ථානයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙමින් පවතින බව පෙනී යයි.
ශ්‍රී ලංකා රජය නුදුරේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට බලපැවැත්වෙන විශේෂ ආර්ථික කලාප නීතිය හඳුන්වා දීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂාකෙරෙන අතර, එම පියවර මගින් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රුසියාවේ ප්‍රමුඛ ධනවතෙක් කොළඹ වරාය නගරයේ සංචාරයක
විජිත් Thursday, 18 March 2021 04:18 PM
මොනවාද ඔය කියන නීති...? මිනි මරලා හැංගෙන්න පුළුවන්, මිනි මරලත් හංගන්න පුළුවන්.වෙනම පොලිස් නීති. රටවල් හොරාකාලා හැංගෙන්න පුළුවන් , හැකි තරම් කළු සල්ලි අරගෙන එන්න. අප ඔබව සාදරයෙන් පිලිගන්නවා. වගේ නීති නේද...? ඒ කියන්නේ ලේ ගෑවුන සල්ලි මේ මාරයාගේ නගරයේ හංගන්න පුළුවනි.ඒ වගේමයි...ඔය යකාගේ නගරයේ අප ද්‍රව්‍ය අපේ රටට එහෙම ගෙනෙනවා නොවෙයි. කෙසේ වෙතත් මට දැනගන්න ලැබුන හැටියටනම් ලෝකයේ දියුණුම බටහිර රටවල් මේ ගැන වැඩි අවධානයක් යොමුකරලා නැහැ.