IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


රුසියාව පරාජය කරන්න තව අවි ආයුධ ඕනෑ

රුසියන් යුක්රේන යුද්ධය නිසා හටගත් අර්බුදය මුළු ලොවටම බලපෑමක් කර ඇති බවත්, අර්බුදය විසඳීමට නම් රුසියාව පරාජය කළ යුතු බවත් පෙන්වා දෙමින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී විදේශවලින් තව තවත් ආයුධ ඉල්ලා සිටියේය.

මේ වනවිටත් ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවලින් යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබෙයි. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය දිගු දුර මිසයිල පද්ධති පවා යුක්රේනයට ලබා දී ඇත. යුක්රේන හමුදා රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදින්නේ මෙම ආයුධවලිනි.

“රුසියාව පරාජය නොකර අර්බුදයට විසඳුමක් සොයන්න බැහැ. රුසියාව පරාජය කරන්න අපට පුළුවන්. ඒ සඳහා අපට ලෝකයේ සහාය ඕනෑ. දැනටමත් අපට විදේශවලින් අවි ආයුධ ලැබෙනවා. ඒ ගැන අප ස්තුතිවන්ත වෙනවා. ඒත් ඒ මදි. අපට තව තවත් අවි ආයුධ ඕනෑ.” යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැවැසුවේ සිංගප්පූරුවේ පැවැති ෂැංග්‍රිලා ආර්ථික සහයෝගීතා සමුළුව අමතමිනි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙම සමුළුවට එක් වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

මේ වනවිට යුක්රේනයේ ප්‍රධාන වරාය නගර සියල්ල ඇත්තේ රුසියන් හමුදා පාලනය යටතේය. ඒ අනුව, යුක්රේනයට තිරිඟු ඇතුළු ආහාර ද්‍රව්‍ය, තෙල්, ගෑස් සහ පොහොර ආදිය විදේශවලට විකිණීම කළ නොහැකි වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අනතුරු අඟවා ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම, ආහාර අර්බුදයකට මඟ පාදනු ඇති බවය. ඒම ආහාර අර්බුදයෙන් වැඩියෙන්ම බැටකනු ඇත්තේ මැදපෙරදිග සහ ආසියානු රටවල වැසියන් බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (6)

රුසියාව පරාජය කරන්න තව අවි ආයුධ ඕනෑ

lokaya Saturday, 11 June 2022 09:07 PM

මේකත් මහින්ද වගේ යුද්දේ වවාගෙන කන්න හදන්නේ. මේකෙම යුද්ධය ඇතිකරලා, අහිංසක මිනිසුන් මරනවා. කතාකරලා විසඳන්න ඕනෑ එක USA එකට ඕනෑ විදිහට රූකඩ කෙනෙක්...

:       2       1

Jinna Sunday, 12 June 2022 05:05 AM

බුදුදහම මීට හාත්පසින්ම වෙනස්...!

:       0       5

MayuraMonday, 13 June 2022 08:57 AM

බුදුදහම වෙනස්බව අපි හැමෝම දන්නවා. නමුත් හැමදේකටම බුදුදහම පටලවා ගන්න එපා...!

:       1       1

Perera Sunday, 12 June 2022 06:18 AM

අපේ අයවත් ගෙදර අරින්න අරගලය වෙනස් මුහුණුවරක් ගත යුතුයි වගේ...

:       0       2

Mo77 Sunday, 12 June 2022 08:29 AM

මෙයා නිසා මුළු ලෝකෙම පහළට ඇද වැටුණා. යුක්රේන් ඒ ස්වාධීන රටක් විදිහට තිබ්බා නම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. අන්තිමට යුක්රේනය විනාශ වුණා. ඒ එක්කම ලෝකයේ ආර්ථිකය කඩන් වැටෙන්න දායක වුණා.

:       1       9

රනේ Monday, 13 June 2022 06:11 AM

නායකයා පිස්සෙක් වුණාම ඇතිකරන කරදරවල තරම....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 19 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1546 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1674 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site