IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රුසියාව නිපදවූ එන්නත අත්හදා බැලීම ලබන මාසයේදී

කොරෝනා වයිරසයට එරෙහිව තම රටේ නිෂ්පාදනය කළ එන්නත ආසාදිතයින්ට ලබාදීම ලබන මාසයේ මුල සිට ආරම්භ කරන බව රුසියාව පවසයි. එන්නත නිපදවූ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ගින්ස්ට්බර්ග් මහතා මේ බව අනාවරණ කළේය.

ඒ අනුව වෛද්‍යවරුන්ට සහ ගුරුවන්ට එන්නත ප්‍රථමයෙන්ම ලබාදීමට නියමිතය.

පසුගිය අගෝස්තු මාසයේ මෙම එන්නතට රුසියානු ආණ්ඩුවේ අනුමැතිය හිමිවූ අතර එන්නත නම්කර ඇත්තේ 'ස්පුට්නික් වී' ලෙසය. 1957 වසරේදී සෝවියට් දේශය විසින් අභ්‍යාවකාශ ගතකළ ලොව ප්‍රථම චන්ද්‍රිකාව සිහිවීම පිණිස එම නම තබා තිබේ.

එන්නතේ සායනික පරීක්ෂණවල අවසන් අදියර සඳහා මේ වන විට පුද්ගලයෝ 40,000 ක් පමණ සහභාගි වී සිටිති.

රුසියානු අග්‍රාමාත්‍ය මිකායිල් මිෂුස්ටින් මහතා පැවසුවේ කොරෝනා වයිරසයට එරෙහි ලොව ප්‍රථම එන්නත තම රටේ නිෂ්පාදනය කිරීම පිළිබඳ ආඩම්බර වන බවයි.

(එන්.එච්.කේ. ඇසුරෙනි)
226



අදහස් (2)

රුසියාව නිපදවූ එන්නත අත්හදා බැලීම ලබන මාසයේදී

kamal Wednesday, 21 October 2020 08:33 AM

එතකොට දුවටත් ගහලා අත්හදා බැලුවේ මොකක්ද?

:       8       7

Nuwan Wednesday, 21 October 2020 09:29 AM

මොකක් හරි බාල එන්නතක් ලංකාවට ගෙනැල්ලා ගහන්න බලන් ඉන්නවා වගේ පේන්නේ අපේ කට්ටිය. ආසාධිතයින් වැඩිවන තරමට හම්බවෙන ගණන වැඩි වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 884 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site