
(ටී.කේ.ජී.කපිල)
රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා , සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාව පුරා සිසුන් රැගෙන ගොස් , ඔවුන්ගේ මුදල් වංචා කර ලබා ගෙන , එරට අතරමං කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි .
මොහු කටාන ප්‍රදේශයේ සිසුවෙකු රුසියාවේ උසස් අධ්‍යාපනය සදහා යවන බව පවසා රුපියල් විසි එක් ලක්ෂ අනූ පන් දහසක මුදලක් වංචා කිරීම පිළිබඳ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සිදු කර තිබූ පැමිණිල්ලකට අදාළව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගෙන තිබූ ගුවන් ගමන් තහනමක් උපයෝගී කර ගෙන මොහු රුසියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ .
මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ පැමිණිල්ලට අමතරව මොහුට එරෙහිව මාතර මූලස්ථානය පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිලි 17 ක් , කුළියාපිටිය පොලිසියට පැමිණිළි 02 ක් ද , කුරුණෑගල පොලිසියට පැමිණිළි 03 ක් ද , නාරාහේන්පිට පොලිසියට ලැබී තිබූ එක් පැමිණිල්ල ක් ද ලැබී තිබුණි .
මීට අමතරව මොහු පිළිබඳ වාද්දුව , අම්පාර සහ මොරටුව පොලිසි වලට පැමිණිළි ලැබී ඇති බව මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත දැනුම් දී ඇති බව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතා පැවසීය .
මෙම පුද්ගලයා මෙසේ රුසියාවට රැගෙන ගිය සිසුවෙකුට පිහියකින් ඇණ තුවාල සිදු කිරීම පිළිබඳ එරට පොලිසිය මොහුට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමත් සමග , එයින් බේරීම සදහා මොහු ඊයේ (20) රාත්‍රීයේ ශ්‍රී ලංකාවට පළා විත් තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම අංශයේ නිලධාරීන් පිරිසක් සිදු කරමින් සිටිති .
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාවේ අධ්‍යාපන සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට