IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රුසියන් යානය සඳට කඩා වැටේ

‘රොස්කොස්මොස්’ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය, සඳට කඩා වැටුණි. රොබෝ යානය හෙට (21) දිනයේ සඳට පතිත කිරීමට නියමිතව තිබුණි.

රුසියන් විද්‍යාඥයන් අවශ්‍ය උපදෙස් ලබා දෙමින්, ‘ලූනා 25’ යානය සඳට පතිත කිරීමට හසුරුවද්දී එය සඳට කඩා වැටුණු බව පැවැසෙයි. ඒ අනුව, වසර 47 කට පසු සඳට යානයක් යැවීමට රුසියාව ගත් උත්සාහය අසාර්ථක විය.

අගෝස්තු 11 වැනිදා, රුසියාවේ ‘සොයූස් 2’ රොකට්ටුවේ ආධාරයෙන් අභ්‍යවකාශයට තල්ලු කෙරුණු ‘ලූනා 25’ යානය සඳුගේ කක්ෂයට පිවිසියේ පසුගිය 16 වැනිදාය.

කුඩා මෝටර් රථයක් තරම් වූ ‘රොස්කොස්මොස්’ යානය, නිපදවීමට රුසියන් රූබල් මිලියන 100 ත් 200 ත් අතර මුදලක් වැය විය.

මේ වනවිට ඉන්දියාව සඳ ගවේෂණයට යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය ද සඳුගේ කක්ෂයට පිවිස සිටී. ඉන්දීය යානය සඳට පතිත කරන්නේ එලැඹෙන 23 වැනිදාය.



අදහස් (4)

රුසියන් යානය සඳට කඩා වැටේ

de silva Sunday, 20 August 2023 07:35 PM

රුසියාවේ සමහර ප්‍රෙද්ශවල අවශ්‍ය මූලික පහසුකම් පවා නැහැ. නමුත් පාලකයෝ උත්සාහ කරන්නේ යුද්ධ කරලා අසල්වැසි රටවල් අල්ලගන්න සහ ගුවන් යානා යවන්න...

:       13       13

Sampath Sunday, 20 August 2023 08:55 PM

මේ අයට හොඳටම පිස්සු... මේ ලෝකයේ බොන්න වතුර පොදක් නැතිව කෝටි ගණන් මිනිස්සු දුක් විඳිද්දී ආයේ හඳේ මොනවා හොන්න දඟලනවාද කියලා තේරෙන්නේ නෑ. මිනිස්සුනේ මේ මහ පොළව රැකගන්නවා මිස වෙන විකල්ප නෑ. මේක වනසන ගමන් වෙන ග්‍රහලෝක හොයනවා. ඒ හම්බවුණත් ඒවත් විනාශ කරන එකයි කරන්නේ.

:       6       17

G. K. Ekanayake Sunday, 20 August 2023 09:04 PM

චන්ද්‍රයාන්ට ජය වේවා. ඉන්දියාව ගොඩ ගියොත් අපිටත් වාසියි. හැබැයි මොනවා හරි දෙන්න වෙනවා.

:       11       7

Nandalal DE SILVA - FranceSunday, 20 August 2023 10:34 PM

ඒක ඇත්ත .රජීව් මලිත් අපට ගුවනින් පරිප්පු ගෝනි බැස්සුවා නේ !මෙයාගෙත් මොලේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 387 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site