(යොහාන් භාසුර)
රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පළතුරු ඉදවීමෙන් පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට විය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කමිටුවක් පත්කර තිබේ.
මෙම රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳව මෙතෙක් පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් එම රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් සකස් කිරීම එම කමිටුවේ වගකීම බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
එම කමිටු වාර්තාව සෞඛ්‍ය කමිටුවට සහ එම අමාත්‍යාංශයේ ආහාර උපදේශක කාරක සභාවට යොමු කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රසායනික යොදා පළතුරු ඉදවීම ගැන සොයන්න කමිටුවක්
Nihal Friday, 18 February 2022 07:57 PM
කෙසෙල් කැණම ඉදිලා ඉස්සර නම් ක්‍රමයෙන් වෙළෙන්දෝ පිළිකා මාරයාගෙන් රට වනසලා ඉවරයි.
දිසා....ගම්පහ. Friday, 18 February 2022 10:10 PM
ප්‍රමාද වී හෝ ගනුලබන හොඳ වැඩපිළිවෙලක්. සෑම දෙයකම ඇත්තේ වස විස... මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කළද වැරදි සහගත ක්‍රියා කරන්නවුන්ට දඬුවම් ලබාදීමක් සිදුවේදැයි බලා සිටිමු.
විපරමා Saturday, 19 February 2022 03:50 PM
කමිටුනම් පත් කරනවා. ප්‍රතිඵලේ කොහොම වෙයිද කියන එක තමයි අවුලකට තියෙන්නේ...
උපුල් Wednesday, 23 February 2022 05:57 AM
පලතුරු ඉදවීමට ගෙන්වන රසායනික ද්‍රව්‍ය තහනම් කරන්න. එමෙන්ම පැසුණු පලතුරු හඳුනාගන්නා අකාරය පිළිබඳ ඡනතාව දැනුවත් කරන්න. නියමිත ලෙස නොපැසුණු නමුත් ඉදී ඇති පලතුරු ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම් වෙළෙන්දන්ට තවදුරටත් රසායනික යොදා ඉදවීම නතර කිරීමට සිදුවෙනවා...