IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රසෝදා ඩේරිස් (පුද්) සමාගමට රන් සම්මානයක්

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි ආශ්‍රිත නිෂ්පාදන දේශීය සමාගමක් වන රසෝදා ඩේරිස් (පුද්) සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී කිරි ආශ්‍රිත නිශ්පාදන අංශයේ මධ්‍ය හා මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී  පැවැත්විණි.

රසෝදා යනු රස + උදාව යන්නයි. රසෝදා සෑම විටම දේශීය කිරි ගම්මානවල කිරි දෙනුන්ගෙන් ලබා ගන්නා නැවුම් එළකිරි භාවිතා කර ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් උසස් යෝගට්, යෝගට් පානය, මුදවපු කිරි, අයිස්ක්‍රීම් ඇතුළු නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට සපයයි.     ‘මේ අවස්ථාවේදී අපව රන් සම්මානය දක්වා ඉහළට ඔසවා තැබූ ආදරණීය පාරිභෝගිකයන්ට සහ රසෝදා සේවක මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ දමින්ද පෙරේරා මහතා පැවසීය.

2002දී දෛනිකව කිරි ලීටර් 100ත් 150ත් අතර ප්‍රමාණයකින් නිෂ්පාදන කටයුතු සේවකයන් හතර දෙනෙකුගෙන් ඇරඹූ රසෝදා වර්තමානයේදී නවීන යන්ත්‍ර භාවිතයෙන් දිනකට කිරි ලීටර් 12000කින් නිෂ්පාදන කටයුතු කරයි. නවතම කර්මාන්ත ශාලා ද්විත්වයේ දිනකට කිරි ලීටර් 40000ක නිෂ්පාදන ධාරිතාවක් ඇත. 250කට වැඩි සේවක පිරිසක් එහි සේවය කරන අතර කිරි ගොවියෝ 300කට වැඩි පිරිසක් කිරි සපයති. GMP, HACCPසහ ISO 22000 ජාතික ප්‍රමිති තත්ත්ව සහතික ලබා ඇති රසෝදා දේශීය විශේෂඥ දැනුමේ හා නෙදර්ලන්ත කිරි සැකසීමේ තාක්ෂණයේ සුසන්යෝගයෙන් යහගුණැති රසෝදා නිෂ්පාදන පාරිභෝගිකයන්ට සපයයි.

595



අදහස් (0)

රසෝදා ඩේරිස් (පුද්) සමාගමට රන් සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site