
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් රන්ජන් ධර්මප්‍රිය හෙට්ටිආරච්චි දින 90ක කාලයක් රඳවා ගනිමින් ප්‍රශ්න කිරීම සඳහා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රැඳවුම් නියෝග ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද දැනුම් දුන්නේය.
රන්ජන් ධර්මප්‍රිය හෙට්ටිආරච්චි නැමැත්තාට එරෙහිව මනුෂ්‍ය ඝාතන සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනා ගොනු කර ඇති බවත් රැඳවුම් බාරයේ සිටින සැකකරු නිරීක්ෂණය කිරීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඩී. රොෂාන් කුමාර මහතා ඇල්පිටිය, කරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී පසුගිය පෙබරවාරි 26 වැනිදා වෙඩි වැදීමට ලක්ව ඝාතනය විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.