IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රවීන්ද්‍ර රන්දෙණියත් කලකිරීමෙන්

(ඩයනා උදයංගනී)

තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි.

ඔහු සිය බිරිඳ වන ප්‍රීති රන්දෙනිය මහත්මියගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

තැබූ බලාපොරොත්තු බොඳ වෙමින් රට දිනෙන් දින අර්බුදයට ඇද වැටුණු බව ද ඔහු සටහන් කර තිබේ.

මේ අතර ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සඳහන් කර ඇත.

ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවයට පැමිණ ඔහු මේ බව පවසා තිබේ.

එම ගීතය ගායනා කළ සහේලි ගමගේ මහත්මියද ගීතය ගැයීම පිළිබඳව ෆේස් බුක් ගිණුම ඔස්සේ ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.



අදහස් (12)

රවීන්ද්‍ර රන්දෙණියත් කලකිරීමෙන්

කිරි පුතා Thursday, 14 April 2022 06:08 PM

මහ රජාණනි ගීතය අයිති තිස් වසරක යුධ ගිනි දැල් නිවූ මහින් රාජපක්ෂ නම් වූ රජාට. ඒ ගෞරවය එලෙසම තැබිය යුතුයි. ඒ ගැන කණගාටුව පළකිරීම නිවට කමක්. දැන් ගැටළුව තියෙන්නෙ වර්ථමාන මහින්ද රාජපක්ෂ නම් වූ මහතා සමඟ. ඒ චරිත දෙකක්. කළගුණ අමතක කරන්නට තරම් අප අසත්පුරුෂයින් නොවිය යුතුයි

:       0       0

siri Thursday, 14 April 2022 08:23 PM

නිළි රැජිනට එපාවෙන්න තව කීදවසක් යයිද ?

:       0       0

M077 Thursday, 14 April 2022 08:44 PM

මචං පොඩි හොර ටික ඔක්කොම ආවම, ඊළඟට ලොකු හොරු ටික එනවා. අන්තිමට රාජපක්ෂ පවුලත් එයි වගේ.

:       0       0

Mohan Thursday, 14 April 2022 08:45 PM

මේකට කියන්නේ ගිලෙන නැවෙන් ග මීයොත් එළියට පනිනවා කියලා

:       0       0

Bandara Thursday, 14 April 2022 11:27 PM

FB දාල හරියන්නේ නෑ මහත්තයෝ. ඔබතුමාලා කඩේ ගිය හැටියට දැන් ගෝල් ෆේස් ගිහින් ජනතාවගෙන් සමාව ගන්න.

:       0       0

කල්පනා Friday, 15 April 2022 06:12 AM

රට,දැය,සමයට වඩා පුද්ගලික අභිලාෂයන් වෙනුවෙන් පමණක්ම ආත්මාර්ථකාමිත්වයෙන් කටයුතු කලාම ඔහොම වෙනවා කියන්න හැකිය දීර්ඝායු දුර බලන්න ළග බලන්න එපා කියලා කියවෙන ජාතික කථාව ආදර්ශයට ගන්න පන්සිය පනස් ජාතක පොත කියවා කල්පනා කරන්න (වත්මන් පාලකයො එම කතාව හා නිගන්ඨනාථ පුත්තගේ දහම අනුව කටයුතු කලා කියලා පේනවා )

:       0       0

mp Friday, 15 April 2022 06:15 AM

මහණ වෙන්න.

:       0       0

mp Friday, 15 April 2022 06:18 AM

අපට මොකද? මේ අය විශේෂ කොට්ඨාශයක්ද?

:       0       0

බම්බාබූ Friday, 15 April 2022 01:10 PM

බලන්න මෙච්චර කඩේ ගිහිල්ලත් තවම කිසිම දෙයක් ලැබුනේ නැද්ද.දැන් ඉතිං කරන්න තියෙන්නේ හෙමින් හෙමින් ගෝල්ෆේස් එක පැත්තට කිට්ටු කරන එකයි.

:       0       0

Sujeewa Nishantha Saturday, 16 April 2022 02:01 PM

මට නම් ලංකාවේ මිනිස්සු ගැන හරිම දුකයි. මොකද? කොච්චර උගතෙක් වුණත් මැටි මෝල් මෝඩයෙක් කියන බොරුවකට හෝ කතාවකට හොයන්නේ බලන්නේ නැතුව රැවටෙනවා. ඒකෙන් වෙන්නේ අපේ රට අපිටත් හොරෙන් අපි නොදැනුවත්වම වෙනත් කොට්ඨාශයකට අයිති වීමයි. ගෝල්ෆේස් එකේ මුලසුන කාගෙද? NGO සංවිධාන. කාට කියලද උද්ඝෝෂණ කරවන්නේ? JVP... ඕක නොතේරෙන අහිංසක මිනිස්සු ටිකකුත් ඔතන ඉන්නවා... JVP එකෙන් ඒ මිනිස්සුන්ව අන්දලා තියෙන්නේ...

:       8       2

fairoosMonday, 18 April 2022 12:20 PM

සුජීව, ඔබ වගේ වහල්ලු ඉන්නකන් රටට අබ සරණයි..

:       0       9

BamunuarachchiTuesday, 19 April 2022 10:20 AM

බොල වහලා කියන්නේ කවුද කියලා දන්නවාද? නොදන්නා සිංහල කතා නොකර හිටු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 539 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site