IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


රාලහාමිට පහරදුන්නාට එස්.ටී.එෆ් පහක් අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නවගත්තේගම පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දී ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් කනත්තක් අසල දමා ගිය බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් නවගත්තේගම පොලිසිය විසින් සැකපිට අද (28) අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලිස් කොස්තාපල්වරයකුට පහර දී කනත්තක් අසල දමා ගියේ ඇයි කියන සිද්ධියකට සම්බන්ධ බව කියමින්, මෙම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔවුන් ආණමඩුව පොලිසියට ඊයේ (28) දහවල් පැමිණ බාර වී යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

එම නිලධාරීන් පස්දෙනාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදැයි එම නිලධාරියා කීය.

මෙම පොලිස් කොස්තාපල්වරයා රාජකාරි නිමාකර යතුරුපැදියකින් සිය නිවෙස බලා ඉකුත් දෙවැනිදා රාත්‍රියේ යමින් සිටියදී පිරිසක් ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ නිවෙස ඉදිරිපිට සිටිනු දැක ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම පහරදීම සිදුවී ඇතැයි වත්තේගම පොලිසිය සඳහන් කරයි.

පොලිස් කොස්තාපල්වරයාගේ නිවෙස ඉදිරිපිට සිටි පිරිසගෙන්, නිවස ඉදිරිපිට රැඳී සිටීමට හේතුව විමසූ විට ඔවුන් කොස්තාපල්වරයා සමඟ බහින්බස් වී ඇති අතර එහිදී මෙම පහරදීම සිදුවී ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.

පහරදීමෙන් පසුව කොස්තාපල්වරයා ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන ගොස් සුසාන භූමියක් ආසන්නයේ දමා ගොස් සිටියදී සොයාගනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් පස්දෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.



අදහස් (0)

රාලහාමිට පහරදුන්නාට එස්.ටී.එෆ් පහක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 748 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1171 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site