(අංජුල මහික වීරරත්න)
ලංකාවේ රිලවුන් ලබාදෙන්නැයි ඉල්ලීම පැමිණියේ චීන ජනරජයෙන් නොව පෞද්ගලික සමාගමකින් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
චීනයේ සත්වෝද්‍යාන පිළිබඳ අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යන පෞද්ගලික ආයතනයකින් එම ඉල්ලීම ලැබුණ බවත් මෙම සතුන්ගෙන් වන ව්‍යසන සම්බන්ධයෙන් සලකා බලන විට මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ලෙස සලකා බැලීමට සිදුවෙන බවත් අමාත්‍යංශ ලේකම්වරයා කීය.
අදාල ඉල්ලීම තහවුරු කළ හැකි ලියවිලි අමාත්‍යාංශය සතුව තිබෙන අතර චීනයේ සත්වෝද්‍යානය සඳහා අභිජනන කටයුතු වෙනුවෙන් සතුන් ප්‍රමාණයක් ලබා දෙන ලෙස එයින් ඉල්ලා තිබෙන බවද චීන රජය මේ සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධ වූයේ නැති අතර අදාල සමාගම මේ පිළිබඳව දෙතුන්වරක් සාකච්ඡා කර තිබෙන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.
සබැඳි - අපි රිලව් ඉල්ලුවේ නෑ - චීනය
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිලව් කතාවට උත්තර දෙයි
Chandana Fernando Thursday, 20 April 2023 09:56 AM
හිතුවේ ලව් කියලා ,බලනකොට රිලව්
Yoga Thursday, 20 April 2023 10:01 AM
රිලවුන් රට පටවන්න දෙන්නේ නැත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථාන යටතේ රිලවුන් අල්ලා වඳ කිරීමේ ඒකක පිහිටුවන්න
ලුම්බිණි Thursday, 20 April 2023 10:01 AM
කලින් ඕක පැහැදිලිවම කියන්න බැරි උනේ මොකද?
disanayaka Thursday, 20 April 2023 10:16 AM
වඳුරන් ඇතිකරන්න යන්නේ ඇයි?. නිශ්චිත ඖෂධයක් නිපදවීමට සහ පේටන්ට් අනුමැතිය ලබා ගැනීමට ඔවුන් අනිවාර්යයෙන්ම ඒවා භාවිතා කරනු ඇත. එතකොට මුන් අපේ වඳුරන්ගෙන් හම්බ කරනවා. අපිට කිසිම ඩොලරයක් උපයන්න අයිතියක් නෑ.
wije Thursday, 20 April 2023 10:26 AM
කාලෝචිත ක්‍රියාමාර්ගයක් ,තාවකාලික විසඳුමක් ලෙස අරඹා පසුව රිලා ගැටලුවට සුදුසු දීර්ඝ කාලීන විද්‍යාත්මක විසඳුමක් දීම සුදුසුයි .මෙය දේශපාලන කෝණයකින් බලා අකුල් හෙලීම නොකළ යුතුයි
Perera Thursday, 20 April 2023 10:30 AM
චීනයේ සත්ව උද්‍යාන වලට රිලවු ලක්ෂයක් .මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඔක්කොමලා බූරුවෝ කියලා වෙන්න ඇති
Ajith Thursday, 20 April 2023 11:25 AM
චීනයේ සත්තු වත්තකට දියනන්නාවෙ ඉන්න 225 යවන්න බැරිද?
Ananda Thursday, 20 April 2023 12:32 PM
ඕක කියන්න තිබුනේ තව අවුරුද්දක් විතර ගිහිල්ලනේ .මගෝඩි වැඩ .මගෝඩි ලන්තේ
හසඳි සෙශාන්න්‍යා Thursday, 20 April 2023 09:33 PM
ඒක හොඳයි .මෙහෙම ගියොත් රිලවුගෙන් කිසි දෙයක් බේර ගන්න බැරි වෙනවා