(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රියදුරුගේ නොසැලකිල්ල මත සිදුවන රිය අනතුරු වලින් අගතියට පත් වන පාර්ශවයන්ට දැනට ගෙවන ලක්ෂයක මුදල ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට රක්ෂණ සමාගම් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී එකඟවූ බව එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
එසේම සමහර බැංකු හා මූල්‍ය සමාගම් සිය ගනුදෙනුකරුවන් බලහත්කාරයෙන් ඇතැම් රක්ෂණ සමාගම්වලට යෑම අනිවාර්ය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට කමිටුව මහ බැංකුවට නියෝග කළේය.
මේ අතර රක්ෂණ සමාගම් කොවිඩ් කාලසීමාවේදී විශාල වශයෙන් ලාභ ලබාගෙන ඇති හෙයින් එම ප්‍රතිලාභ පාවිච්චි කර ජනතාවට සහන දෙන්නැයි ආංශික අධීක්ෂණ කාරක සභාව රක්ෂණ සමාගම්වලට නිර්දේශ කර ඇත.
කොව්ඩ් කාලසීමාවේදී වාහන රක්ෂණාවරණ සහා රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම සියයට 80 කින් පමණ අඩුවූ හෙයින් එම සමාගම් මෙසේ අසීමිතව ලාභ ලබාගත් බව වලේබොඩ මහතා කමිටුවේදී පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
130
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරු රක්ෂණය ලක්ෂ පහ දහය කරයි
Hijas Sunday, 21 January 2024 02:23 PM
5ක්ද, 10ක්ද?