( ඩි.ජී.සුගතපාල)
යක්කලමුල්ල සහ අහුංගල්ල යන පොලිස් වසම් තුළදි සිදුවු රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
යක්කලමුල්ලේ සිට මාකුඹුර දෙසට ගමන් කරමින් තිබු බවුසරයක ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණ ලා හැපිමෙන් යතුරු පැදියේ ගමන් ගත් තිස් පස් හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වඳුරඹ තලාව පදිංචි පුද්ගලයෙකි. බවුසරයේ රියදුරු යක්කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ගාල්ල කොළඹ මාර්ගයේ අහුංගල්ල රේවත හන්දියේදි පාර මාරුවෙමින් සිටි විශ්‍රාමික විදුහලපතිවරයෙකු වාහනයක හැපි මියගොස් ඇති අතර අනතුරට සම්බන්ධ වාහනය නොනවත්වා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බලපිටිය විජයාරාම පාර පදිංචිව සිටි 77හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකි.
අනතුර සිදුවු ස්ථානය අසල සී.සී.ටී.වී.දර්ශණ පරික්ෂා කර වාහනය හඳුනාගෙන අත් අඩංගුවට ගැනිමට අහුංගල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රිය අනතුරු දෙකකින් දෙදෙනකු මරුට