
(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය නුවර ප්‍රධාන මාර්ගයේ ගල්මැටියාව අනූඅට පෙදෙසේදී සිදුවු කැබ්රථ හා යතුරුපැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාම මියගිය බව තඹලගමුව පොලිසිය කියයි .
යතුරුපැදිය ත්‍රිකුණාමලයේ සිට කන්තලේ දෙසට ඊයේ (21) රාත්‍රී ගමන් කරද්දී ඊට ප්‍රති විරුද්ධ දිසාවෙන් නියමිත මංතිරුවේ පැමිණි කැබ්රයේ වැදී ඇත්තේ යතුරු පැදිය දකුණු පස අතුරු මාර්ගයට හැරවීමට යෑම නිසා බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
අනතුරින් මියගොස් තිබුණේ ත්‍රිකුණාමලය සෝභිතගම පදිංචි විජේවීර ගුණරත්න මහා විධාන මුහන්දිරන්ලාගේ චන්ද්‍රසිරි (60) හා තඹලගමුව ගල්මැටියාව පදිංචි වෑවල හේරත් මුදියන්සේලාගේ පොල්වත්තේ ගෙදර චන්ද්‍රසේකර (59) නැමැති අයවලුන්ය.
කැබ් රථය මූතුර් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් එකක් වන බව පොලිසිය සඳහන් කළේය.අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරින් දෙන්නෙක් මරුට