(එම්.සුසිල් ප්‍රියන්ත)
යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් ගාලුපාරේ අම්බලන්ගොඩ නගරයේදී අද(25) උදෑසන සිදු වූ රිය අනතුරකින් සිය දරුවා සමඟ යතුරුපැදියේ ගමන් ගත් මව මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ඌරවත්ත පදේශයේ පදිංචි අම්බලන්ගොඩ නගර සභාවේ සේවිකාවක වන තිස්අට හැවිරිදි ලකීෂා යසස්වි නමැත්ති දෙදරු මවක් බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තිය අම්බලන්ගොඩ නගර සභාවේ ආදායම් පරිපාලිකාවක් ලෙස සේවය කරන බවත් ඇය සිය යතුරු පැදියෙන් දරුවා පෙර පාසලට ඇරලවීම සදහා අම්බලන්ගොඩ ඌරවත්ත සිය නිවසේ සිට කොළඹ පැත්තට එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
යතුරු පැදියේ ගමන් ගත් ඇයට සිය යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව ලොරිය පැත්තට වැටීමෙන් මේ අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රිය අනතුරින් දෙදරු මව මරුට
පිටිගල මිලානෝ Tuesday, 25 April 2023 10:16 AM
මනුෂ්‍ය ජීවිතයට කිසිම පැත්තකින් ආරක්ෂාවක් නැති අවීචියට යාමට පව් මදි උන් පමණක් ඉපදෙන රටක් මේක.
ArunaTuesday, 25 April 2023 10:54 AM
එහෙම එවුන් රට දාලා ගිහින් ඉතාලියේ ඉන්නේ
පිටිගල මිලානෝTuesday, 25 April 2023 11:29 AM
එහෙම වෙන්න බැහැනේ…පිං ටිකක් හරි තියෙන උං මේ නරා වලෙන් ගොඩ යනවා ඕන පිටරටකට. ඔබ වැනි උං යන්න හදන උංගේ කකුලෙන් ඇද ඇද මේ නරාවලේම තපිනවා. රට එපා කියලා ගිය උං නිවාඩුවට පමණක් ඇවිල්ලා හතරවටේ හෝටල්වල ආතල් අරන් ෂෝක් රට කියලා ආපහු යනවා…
Sanju Tuesday, 25 April 2023 12:24 PM
ටිකක් හරි පින් ඇති අය තමයි මේ අපායෙන් පිට රටවල් වලට ගිහින් ඉන්නෙ.
චින්තක Tuesday, 25 April 2023 01:58 PM
කොහොමහරි බලයට එන්න හිතාගෙන මහින්ද උන්නැහේගෙ කාලයේ ක්ෂේත්‍ර නිළධාරින්ට යතුරු පැදි ලබාදුන්නා නමුත් එම වියදමට සාපේක්ෂව රටේ සංවර්ධනය වුනේ නැහැ එන්න එන්නම රට අගාධයකට ගියා බොහොමයක් නිළධාරින් අඩුවෙන් ලැබුණු යතුරු පැදි විකුණා ලාභයක් ගත්තා යතුරු පැදි වැඩිවීමට අමතරව ත්‍රීවීලර් කාරයොත් වැඩිවුනාම මාර්ග නීතියක් නැති ඔවුන් දෙගොල්ලම ගාල කඩාගත් හරක් වගේ පාරේ යනවා පොලිසිය වුනත් යතුරු පැදි අල්ලන්නේ නැහැ කොහොම වුනත් යතුරු පැදි හා ත්‍ර්‍රීවිලර් සදහා විදිමත් ක්‍රමයක් හදන්න ඕන උදාහරණයක් හැටියට ත්‍රීවීලර් එක්කට යන්න වේග සීමාව 40යි ඉතින් ඔවුන් මාර්ගය මැදින් 40 වේගයෙන් යනවිට 60 ට 70 වට යාමට අවසර තියෙන වාහනයක් වුනත් 40ට යන්න වෙනවා එයින් අධික ඉන්ධන වැයක් වෙනවා බොහෝ යතුරු පැදිකරුවන් කාරියන් මෙන්ම ත්‍රීවීලර් කාරයෝ දකුණට සිග්නල් දමා වමට හරවනවා ඉන් පස්සෙ හරියට ගිය කෙනාටත් කුණුහරුප කියලා ඉවරයක් නැහැ ට්‍රැෆික් අප්පුහාමිලා නම් ඒවා බලන්නෙ නැහැ මොකද දඩකොලේ එහෙම දඩයක් සදහා විධිවිධාන නැහැ