IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරින් දෙදෙනකු මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ කුරුණෑගල මාර්ගයේ  දිවුලපිටිය බරවාවිල ප්‍රදේශයේ දී කැබ් රථයක් හා කුඩා ලොරියක් මුහුණට මුහුණලා ගැටීමෙන් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා  මරණයට පත්වූ බව දිවුලපිටිය  පොලීසියේ රථවාහන අංශය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පාදෙණිය වේපත්අංග පදිංචිව සිටි ඒ එම් එම් ජී තිලක් අරුණ අතපත්තු  40 නැමැත්තෙකු සහ  මාවත්ත කුඩාගල්ගමුව පදිංචිකරුවෙකු වූ ජේ එමි ජයසුන්දර බණ්ඩාර 45 නැමැත්තෙකි.

නවීන පන්නයේ කැබ් රථයේ ගමන් කර ඇත්තේ මංගල උත්සවයකට සහභාගි ව නිවස බලා යමින් සිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියකු බව ද මිය ගිය පුද්ගලයෙකු ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකු බව හෙළි වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

අනතුරත් සමග කැබ්රථය අසල වෙල්යායට විසිවී වැටී තිබූ අතර කුඩා ලොරිය මාර්ගයේ අනෙක් පසට හැරී නතර වී තිබූ බව පොලීසිය සඳහන් කරයි.

තුවාලකරුවන්  දිවුලපිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මිය ගොස් තිබිණි. රථයේ කැබ් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත .

මෙම අනතුරට පෙර කිසියම් ස්ථානයක දී මෙම කැබ් රථය ටිපර් රියක ගැටී ආරවුලක් සිදුව ඇති බවට පොලිසියට ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය හෙළිකර ගැනීමට පොලිසිය කටයුතු කරයි

මියගිය අයගේ පශ්චාත් මම පරීක්ෂණ ඊයේ 13 දිවුලපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

 



අදහස් (0)

රිය අනතුරින් දෙදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 185 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 697 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site