IMG-LOGO

රිය අනතුරින් තරුණියක් මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම දෙසට ගමන් ගත් මෝටර් රථයක් අද (10) අලුයම පොහොන්නරුව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන ඇලකට වැටීමෙන් සිදු වූ රිය අනතුරකින් තරුණියකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මිරිගම පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මීරිගම මුගුරුගම්පල සංඝමිත්තා මාවත පළමු පටු මගේ පදිංචිව සිටි  දිනුෂා නිෂානි විජේසේකර නැමති තිස් හැවිරිදි තරුණියකි. 

ඇය නුදුරු දිනයක විවාහ වීමට නියමිතව සිටි තරුණියක බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මියගිය තරුණිය ගේ මව පියා හා සහෝදරයකු බව පොලිස් පරීක්ෂණයේදී හෙලිවී ඇත. 

මෙම පවුලේ පිරිස කිසියම් අවශ්‍යතාවයක් සඳහා අත්තනගල්ලට ප්‍රදේශයට ගොස් ආපසු නිවස බලා එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි හෙළි වී ඇත. 

අනතුරින් තුවාල ලැබූ පිරිස මීරිගම රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට තරුණිය මිය ගොස් සිටි බව හෙළි වී ඇත.සෙසු තුවාලකරුවන් මේ වන විට වතුපිටිවල මූලික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගිය තරුණියගේ දේහය  පිළිබඳව  මරණ පරීක්ෂණය අද 10 සවස මීරිගම  මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

රිය අනතුරින් තරුණියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 22 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site