IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රිය අනතුරක් කළ හිටපු පොලිස් ලොක්කා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු  බීමතින් රිය පදවා අනතුරක් කිරීමේ වරදට වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  ඔහුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයෙන්  බම්බලපිටියේ සිට දෙහිවල දෙසට ගමන් කිරීමේදී මුහුදු මාවතේ මිරාජ් හෝටලය අසල  මාර්ගය අයිනේ නතර කර තිබූ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක පසුපස කොටසේ ගැටී   අනතුරුව ඉදිරියට ඇදී ගොස් ඊට මදක් ඉදිරියෙන් තිබූ බස් රථයේ ගැටී මෙම අනතුර  සිදුවී තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය

සිදුවූ අනතුරින් වැගන් ආර් වර්ගයේ  මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි

අනතුර සම්බන්ධයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇල්කොලයිසර්   නල පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී ඔහු මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

 

               

 



අදහස් (4)

රිය අනතුරක් කළ හිටපු පොලිස් ලොක්කා අත්අඩංගුවට

චිරන්ත Sunday, 29 October 2023 06:13 PM

පොලිස් නිලධාරියෙක් විශ්‍රාම ගියාම ලෙල්ල ඇරපු ඉදුනු කෙසෙල්...!

:       0       2

පියනන්ද Sunday, 29 October 2023 09:56 PM

පොලිසිය ඉගෙන ගත යුතු පාඩමක් නම් මිනිස්සු කරන ඕනෑම වරදක් තමන් අතිනුත් වෙන බව. හොරකම්, ස්ත්‍රී දූෂණ, මිනිමැරුම්, බීලා රිය පැදවීම, අල්ලස්, අධික වේගය සහ මාර්ග නීති කඩකර රිය පැදවීම ආදී සියල්ල. සාමාන්‍ය මිනිස්සුන්ට පුප්පන කොට මතක් වේවා!

:       0       0

chandima Monday, 30 October 2023 12:35 AM

මිනිස්සු ආන්ඩු කඩයි කියල බයට ආරක්ෂාව දෙන්න අරන් යන්න ඇති?

:       0       0

Bamunuarachchi Monday, 30 October 2023 04:59 AM

පැන්ෂන් ගිය පොලිස් කාරයා කියන අන්වර්ථ නාමය ඔබලා කාටත් අයිතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site