යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය.
ජනාධිපති සෙලන්ස්කී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ද පිරිවරා ගනිමින්, රිය පෙරහැරකින්, කීව් අගනුවර පසු කර යමින් සිටිද්දී, වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී ඇත.
එම මෝටර් රථය පැදැවූ තැනැත්තාට තුවාල සිදුවුණු බවත්, ඔහුට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සිදුවුණු බවත් පැවැසෙයි.
විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ජනාධිපති සෙලෙන්කී පරීක්ෂාවට ලක් කරමින්, ඔහුගේ තුවාල බරපතල නොවන බව තහවුරු කළ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සර්ගී නිකිෆරෝව් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රිය අනතුරකින් යුක්රේන ජනාධිපතිට තුවාලයි
Rexi Thursday, 15 September 2022 03:31 PM
තවත් කොමඩියන් කෙනෙක්. තමුන්ගේ ජනතාව හිඟන්නෝ කරන අපේ රටේ හිටපු අය වගේමයි. වෙනස මෙයා තරුණයි.