(ඩබ්ලිව්.ඒ. අසේල)
මහනුවර රන්දෙණිගල රජමාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේදි කැබ්රථයක් හා යතුරුපැදියක් එකට ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් වරයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මහියංගනය ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු තිස් නවයක් වන එම්.එම්.එන්. හේරත් නැමති පොලිස් නිලධාරියායි.
ඔහු අද (01) පාන්දර යතුරු පැදියේ නැගී මහනුවර දෙසට ගමන් කරමින් සිටින විට අධික වේගයෙන් පැමිණි කැබ්රථය යතුරුපැදියේ වැදී ඇති අතර ආපස්සට මීටර් විසිතුනක් පමණ විසිවී වැටී එම ස්ථානයේදීම මියගොස් ඇත.
මයිලපිටිය ප්‍ර දේශයේ පුද්ගලික වැඩපලක පුද්ගලයින් හතරදෙනෙකු කැබ්රථයේ ගමන් කර ඇති අතර ඔවුන් අධික ලෙස බීමත්ව සිටි බවට පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී ඇත. යතුරු පැදියේ වැදුණූ කැබ්රථය පාරෙන් ඉවතට පැන අසල තිබූ අධි බලැති ට්‍රාන්ස්පෝමරයක වැදී නැවතී ඇති අතර ට්‍රාන්පෝමරයටද අලාභහානි සිදුවී ඇත.
ප්‍ර දේශයේ විදුලිබලයද එම මොහොතේ සිට විසන්ධී වි ඇති අතර තවමත් එය යථා තත්ත්වයට පත්කොට නැත.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් අනුව රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර ඇතුලු නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයෙක් මරුට